IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහරගම සතිපොලේ පිහි ඇනුමක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී  මාළු වෙළෙන්දකු  තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ  ක්ෂණික මැදිහත්වීමෙන් නුලෙන් වැළකී ඇතැයි මහරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී  තියුනු ආයුධය සහ, මත් පෙති දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් වැටලීමක් සඳහා යමින් සිටියදී මහරගම දෙහිවල පාරේ සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල පුද්ගලයකු  තවත් පුද්ගලයෙකුට ඉවක් බවක් නොමැතිව තියුණු ආයුධයකින් අනින අයුරු හා එය වැළැක්වීමට කිසිවකු හෝ උත්සාහ නොදරා ඈත සිට නරඹමින් සිටින අයුරු  නෙත ගැටී ඇතැයි පොලිසිය කියයි.

වාහනයේ   ඉදිරිපස අසුනේ සිටි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි එස් එච් පිරිස් මහතා රියදුරු අමතා වාහනය වහා නතර කරන ලෙස  පවසා සෙසු නිලධාරීන් සමග ක්ෂණිකින් එම ස්ථානයට කඩා වැදී පිහිය අමෝරාගෙන ලේ විලක් මැද බිම වැටී සිටි පුද්ගලයාට අනින පුද්ගලයාව මෙල්ල කර ඔහු සතුව තිබූ ලේ තැවරුණු තියුණු ආයුධය  සිය භාරයට ගෙන ඔහු මෙල්ල කිරීමට සමත් වී ඇත.

 



අදහස් (1)

මහරගම සතිපොලේ පිහි ඇනුමක්

Akila Sunday, 30 June 2024 10:51 AM

නිෂ්ක්‍රිය කරේ මොකද , වැඩකට නැති එකෙක් නේ , ඇමරිකාවේ වගේ වෙඩි තියල දාන්න තිබ්බේ

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site