
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදල මගින්, මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරින් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිරීක්ෂණය විය. එහි එක් පියවරක් ලෙස පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
එහි පළමු අදියර යටතේ සිසු සිසුවියන් 28 දෙනෙක් සඳහා ශිෂ්‍යාධාර ලබා දීම මෙහිදී සිදු විය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරු සහ විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 ඔක්තෝබර් මස 08
1918
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහයියාවට ජනපති අරමුදලේ හයිය
Kaqui Monday, 15 September 2025 10:47 AM
මේවට දේශපාලකයන් ගේ මූනු දාන්නෑ කිව්ව වගේ මතකයි
Kamal Monday, 15 September 2025 11:22 AM
හැම එකේම වැරදි දකින්න එපා බං. සමස්තය හොඳ නම් එච්චරයි.
අරවින්ද මොණරවිල Monday, 15 September 2025 10:59 AM
අයියෝ මේ මොනවද කරන අපරාධ, මයින්ද මාතියාට රනිල් සෑර්ට අසනීපයක් උනොත් මවුන්ට් එළිසබෙත් යන්න තියෙන සල්ලී නේද මේ නාස්ති කරන්නේ ! මෙහෙම වැඩ කරන්න එපා අනුර බොස්, අපේ දරුවෝ ඉගෙන ගත්තේ නැතත් කමක් නැහැ, ඒ රන් කදවල් අපි පරිස්සම් කරමු !
sene Monday, 15 September 2025 01:53 PM
අපේ රටේ පළමුවරට කළ දෙයක්... ජයවේවා... හා හා