(අංජුල මහික වීරරත්න)
නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය අද (13) ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.
ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය හා පාර්ලිමේන්තුවේ කාර්යභාරය මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව උදා කර දී තිබිණි.
නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකාවන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ ලංකා බැංකු ගිණුම් විවෘත කිරීමද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ජේ.එම්.විජේබණ්ඩාර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර, නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති ඩී.ආර්.ඩී වානගුරු මහත්ම මහත්මීහු සහ ගුරුවරු,මාපියෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහාමායාවන්ගේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ