IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුහම්මද් නබි තුමාණන්ගේ ජන්ම දිනය අදයි

(මොහොමඩ් ආසික්)

ලොව පුරා ජීවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපූර්ණ කර දුන් මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය අදට (28) යෙදී තිබේ.

විවිධ කාලවල පැවැති සමාජයන් යහමඟට ගැනීම සඳහා දෙවියන් වහන්සේ විසින් වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් (1,24,000) මෙලොවට එව් බව ශුද්ධ වු අල් කුර්ආනයේ සඳහන් වෙයි. එලෙස පැමිණි වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් ( 1,24,000) අතුරින් විසි පස් දෙනෙකුගේ නම් ශුද්ධ වූ කුරාණයේ ද සඳහන් වෙයි.

මුහම්මද නබි තුමාණන් මෙලොව එළිය දකින්නේ ක්‍රිස්තු වර්ෂ 570 වසරේදී වත්මන් සෞදි අරාබියේ මක්කා නගරයේදීය. එතුමා ඉපදෙන විට පියා මිය ගොස් සිටි අතර කුඩා කාලයේදීම මවද මිය ගියාය.

එතුමන්ගේ හතළිස් වන වියේ දී දේව දූතයන් මගින් ඉස්ලාම් දහම එතුමන්ට දෙවියන් වහන්සේ විසින් පහළ කරනු ලැබු අතර එය වසර 23 ක් පුරා කොටසින් කොටස පරිපූර්ණ කරනු ලැබීය.

ජාත්‍යන්තර දත්ත අනුව 2020 වසරේ ඇස්තමේන්තු ගත ලෝක ජනගහණය අනුව ලොව ජනගහණයෙන් දෙවැනි ස්ථානය ඉස්ලාම් ධර්මයට හිමිව තිබේ. එම ප්‍රමාණය ලොව ජනගහණයෙන් කෝටි 191 ක් ( බිලියන 1.91 ක්) වෙයි. වන අතර එය මුළු ජනගරණයෙන් සියයට 24.9 ක් වෙයි.

ඉස්ලාම් ධර්මය ලොව පුරා ශාන්තිය සහ සාමය ඇති කිරීම සඳහා වෙහෙසුන සහ වෙහෙසෙන දහමකිඑවන් උතුම් වූ වක්තෘවරයෙකුගේ ජන්ම දිනය යෙදී ඇති අද දිනයේ ලෝක වාසි සියලු දෙනාට ශාන්තිය හා සමාදානය ප්‍රාර්ථනා කරමු.

 



අදහස් (5)

මුහම්මද් නබි තුමාණන්ගේ ජන්ම දිනය අදයි

රිෆාන් Thursday, 28 September 2023 10:16 AM

අල්කුරානයේ කොතැනකවත් නබිවරුන් 124000 ක් යන්න සදහන් වන්නේ නැහැ. වගකීමක් ඇති පුවත්පතකට මෙවැනි වගකීමෙන් තොර ලිපි ඉදිරිපත් කිරීම අවාසනාවන්ත තත්වයක්. ඒසේම නබිතුමාණන්ගේ උපන් දිනයත් මුස්ලීම් සමාජය තුල මතභේදාත්මකයි. නිශ්චිතවම ඒය අද යැයි පැවසීමට ශක්තිමත් සාක්ෂි නොමැත. (නිවැරදි කරන්න)

:       0       3

saman Thursday, 28 September 2023 10:35 AM

කවුද කිව්වේ අද උපන්දිනේ කියලා.එතුමා ඉපදුන දවස කවුරුත් දන්නේ නැහැ .මේක එතුමා මැරුණු දිනේ මන් රජයෙන් ඉල්ලා සිටිනවා මේකට දෙන නිවාඩුව නැති කරන්න කියලා.එතුමා ඉපදුන සෞධියේ වත් මෙහෙම දෙයක් කරන්නේ නැහැ .මේක පිස්සු වැඩක්

:       0       4

රිෆාන්Thursday, 28 September 2023 11:17 AM

ඔබ හරි, මේවා අප රටේ දේශපාලන

:       0       2

කර්තෘ Thursday, 28 September 2023 06:04 PM

එහෙම කොහොමද? නිකම් සෙල්ලම් දන්නා එන්න එපා හරිද?

:       0       0

Bamunuarachchi Thursday, 28 September 2023 06:29 PM

එයා දැන් කන්‍යාවන් 72 ළඟ තියාගෙන සහරාන් සහ ඔහුගේ කන්‍යාවියෝ 72ත් එක්ක ඊළඟ පාස්කු ප්‍රහාරය ප්ලෑන් කරනවා ඇති...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site