IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහනුවර සභාවේ විපක්ෂය ගුටි කෙළියක

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර මහ නගර සභාවේ 2022 වර්ෂ අයවැයට එහි විපක්ෂය වන පොදුජන පෙරමුණ විරුද්ධ නොවුනැයි කියමින් විපක්ෂයෙ මන්ත්‍රීවරයකු තම පක්ෂයේම මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතාට පහර දීම නිසා සභාව දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති විය.

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ 2022 වර්ෂය සඳහා වූ අයවැය ඡන්දය විමසීමකින් තොරව සම්මත විය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් (පොහොට්ටුව) පවසා සිටියේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මහනුවර මානකඩ සභාව දැඩි මුදල් අර්බුදයකට මුහුණ පා සිටින බැවින් අයවැයට විරුද්ධ නොවන බව කියා සිටියේය.

ඒ බව සමුප්‍රදායානුකූලව විපක්ෂ නාය‍ෙවරයා සභාවට දැනුම් දුන්නේය. විපක්ෂ නායකවරයාගේ කතාවෙන් පසු පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධම්මික පෙරේරා අදහස් ප්‍රකාශ කිරීම සඳහා කාලය ඉල්ලා සිටි අවස්ථාවේ එය සම්ප්‍රදායට පටහැනි බවට දැනුම් දීමත් සමග සභාව දැඩි උණුසුම් විය.

එහි දී පොදු පෙරමුණ මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතාට පහරදීමක් සිදු වූ අතර එම මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද කළේය.

 

 



අදහස් (6)

මහනුවර සභාවේ විපක්ෂය ගුටි කෙළියක

Hafeel Wednesday, 22 December 2021 10:40 AM

එයාලා එකට හොරකම් කරනවා. එයාල යාලුවෝ. එයාල විනෝද වෙනවා. එයාල නුවරඑලිය මන්ත්‍රී බංගලාවේ එකට නිවාඩු ගත කරනවා. එයාල ඉතින් ඉඳල හිටල පොඩ්ඩක් ගහ ගන්නවා.

:       1       24

පැරකුම් Wednesday, 22 December 2021 11:28 AM

ඔය ගහගන්නෙ බොරුවට අපට පේන්න. ඕවට රැවටෙන්න එපා. ඕකතමයි අපි චන්දෙ දීල පත් කරගන්න දේ්‍රශපාලුවන්ගෙ සැබෑ තත්වය. වැරැද්ද අපේ අතේ. අවාසනාවට කවුරුත් ඒක තේරුම් ගන්නෙ නෑ.

:       1       17

RaveendraWednesday, 22 December 2021 12:05 PM

සහතික ඇත්ත. මුන් ඔක්කොම පට්ට හොරු...දියවනාව පට්ටියේ ඉන්නේ මුල්පෙළේ තක්කඩි හොරු මේ ඉන්නේ දෙවෙනි තුන්වෙනි පෙලේ "ගොල්ළෑ " හොරු.... අනාගතේ මේ "ගොල්ළෑ " හොරුම තමයි දියවනාව පට්ටියේ මුල් පෙලේ තක්කඩි හොරු වෙන්නේ. මෙම අදහස් අප රටේ තිබෙන උපන් රට ගොඩනගනවා යයි සෑමදාම උඩුබුරනනිල් ම කොළ රතු, වලත්ත පක්ෂ සියල්ලටම අදාලය.

:       0       6

kusumalatha Wednesday, 22 December 2021 11:50 AM

තු නෙදකින් මේ වගේ මිනිස්සු.මුන් වැදගත් විදියට හැසිරෙන්න දන්නේ නැති පිස්සෝ ටිකක් .නගරවැසියෝ මුන්ට ගහලා එලවන්න ඕනේ

:       0       7

fairoos Wednesday, 22 December 2021 04:02 PM

පොලිසියේ වෙලාව නාස්ති කරන්නැතුව අවවාදයක් කරලා ඉවර කරන්න,

:       0       0

hesa Thursday, 23 December 2021 03:22 PM

අප්පට සිරි, වාව්! නියම ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කියමන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site