IMG-LOGO

මහින්ද - නාමල් ඇතුළු 24කට රටින් පිටවීම තහනම්

(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන්බව කියන සිද්ධියට අදාළව සිදුවන විමර්ශනය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන විගමන පාලකවරයාට අද (12) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට සහභාගී වු හිටපු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 11 දෙනකු ද, ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදෙන අවස්ථාවේදී සිටි බවට හදුනාගත් 06 දෙනකු සහ මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් ලෙස තවත් 07 දෙනකු මෙම විදෙස් ගමන් තහනම් වූ 24 දෙනා අතර සිටිති.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනය හේතුවෙන් 1993 අංක 16 දරන ආගාමික හා විගාමික පනතේ 5 (ඇ) 1, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 7, 77, 127 වගන්ති ප්‍රකාරව පුද්ගලයන් 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට නිතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, මෙසේ විදෙස් ගමන් තහනම් වූයේ, ඉකුත් 09 වැනිදා අරලියගහ මැදුරේ පැවැති උත්සවයට සහභාගීවී සිටි, හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, සම්පත් අතුකෝරාල, සනත් නිශාන්ත, සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා, හිටපු අමාත්‍ය කංචන ජයරත්න යන 11 දෙනාගේය.

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදෙන අවස්ථාවේදී සිටි බවට හදුනාගත් නිශාන්ත ජයසිංහ, අමිත අබේවික්‍රම, පුෂ්පලාල් කුමාරසිංහ, මහින්ද කහදගම, දිලිප් ප්‍රනාන්දු, බස්නාහිරපළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් 06 දෙනාගේ ද විදෙස් ගමන් තහනම් විය.

මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් ලෙස විදෙස් ගමන් තහනම් වූයේ නෝනාමොරින් නුර්, ඇටැම්පිටියේ සුගතානන්ද හිමි, ගල්පායගේ දොන් අමල් සාලින්ද පෙරේරා, සේනාදි චතුරංග, පීරිස්ලාගේ අමිල ජීවන්ත, කොඩිතුවක්කු ආරච්චිලාගේ ජගත් චන්ද්‍රාවතී, මොහොමඩ් ශර්මිලා යන 07 දෙනාගේය.



අදහස් (2)

මහින්ද - නාමල් ඇතුළු 24කට රටින් පිටවීම තහනම්

Sisil Thursday, 12 May 2022 05:57 PM

දැන් සැපද...?

:       0       1

චිරන්ත Thursday, 12 May 2022 06:10 PM

රට යහමගට පැමිණෙනවා කියලා හිතෙනවා. ජයවේවා... !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැනඩාවේ හැදූ ඉස්මාරකයට විජිත විරෝධය පළ කරයි
2025 මැයි මස 14 6 0

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍


මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 129 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 161 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 186 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 954 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 640 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1383 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site