IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්

(මනෝප්‍රිය ගුණසේකර)

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (25) නියම කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරුවරයා ඒ බව දැනුම් දුන්නේය.

2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට මෙලෙස දින නියම කෙරිණි.

 



අදහස් (6)

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්

Prabha Thursday, 25 April 2024 04:03 PM

මහින්ද රනිල් යුග දිවියට කාලේ ඇවිත්.

:       0       19

රාලහාමි Thursday, 25 April 2024 04:31 PM

අර.. චීනෙන් අසුචි නැවක් ගෙන්නපු නඩුව කවදාද ?

:       0       16

Pankumburage Thursday, 25 April 2024 05:01 PM

නිදොස් කොට නිදහස්...!

:       1       12

Shashika519 Thursday, 25 April 2024 06:17 PM

මල්වානේ ගෙදරට වෙච්චි දේ තමයි වෙන්නේ.. නිදොස් කොට නිදහස්...! 

:       0       9

PATTA hora Thursday, 25 April 2024 06:26 PM

වැඩේ සෑහෙන ගාණකට නැතිනම් තර්ජනයකට ක්ලෝස්...

:       0       8

lakvidu Friday, 26 April 2024 10:10 AM

විකාර කතාකරන්න නම් එපා. ඒක එයාගේ බාප්පාගේ නෝනාගේ තාත්තාගේ සීයට අයිති වෙලා තිබුණු එකක්... මෙයාට තෑගි ඔප්පුවකින් ලියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site