IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්

(රෝෂන් තුෂාර)

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු  කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක්  සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපේක්ෂිත ඇප ඇයදුමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය. 

අදාළ සිද්ධිය තුළින් තමන් රජයට පාඩුවක් කර ඇති බවට අල්ලස් කොමිසම මගි න් විමර්ශනයක් සිදු කරන බවත් සඳහන් කරමින් අල්ලස් කොමිස මේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වග උත්තර කරමින් මෙම ඇප අයදුම ඉදිරිපත් කළේය. 

අලුත්ගමගේ මහතා සිය පෙත්සම මම ගින් සඳහන් කර ඇත්තේ පුවත්පත් වාර්තා පළ වූ  ආකාරයට  අදාළ පාඩුවක් ශ්‍රී ලංකා රජයට තමන් විසින් සිදුකර නොමැතිි බවය.

චින්දාඕ  සමාගමට මුදල් ගෙවීම සම්බන්ධයෙන් තීරණය මහජන බැංකුව හරහා ලබා ගත්තත් බවත්,ඊට අධිකරණමය කියාමාර්ගයක් ඊට තිබෙන බවත්,අදාළ මුදල් වලට ඕනෑම අවස්ථාවක දී ශ්‍රී ලංකා රජයට ඕනෑම දෙයක් මිලදී ගැනීමේ හැකියාවක් ඇති බවත් සිය පෙත්සම මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඇප ලබාගත නොහැකි සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස මෙම පෙස්සම ගොනු කර ඇති අතර පෙත්සම සලකා බැලීම ලබන සඳුදා සිදු කරන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද දින නියම කළාය.



අදහස් (11)

මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්

mahindanada Wednesday, 14 May 2025 02:50 PM

හොරාට කලින් වැට පැනලා තියෙන්නේ ඔය

:       2       31

පිටිගල මිලානෝ Wednesday, 14 May 2025 03:38 PM

වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට යන්න බයද?

:       0       24

අරවින්ද මොණරවිල Wednesday, 14 May 2025 03:45 PM

අපේක්ෂිත ඇප නොවෙයි දෙන්න ඕනෑ අපේක්ෂිත හිර දඩුවම්...!

:       1       28

සංක Wednesday, 14 May 2025 04:04 PM

මාර පොර ටෝක් දීලා ඔය පොහොර නැව ගෙනාවේ මේ පට්ට හොරා තමයි. මහජන මුදල් මෙයා ප්‍රකෝටි ගණන් හොරා කෑවා ඒ රාජපක්ෂ යුගයේ. ජීවිතාන්ත‍ය දක්වා හිරේ දාන්න තියෙන්නේ

:       0       16

ලූට මූස් Wednesday, 14 May 2025 04:04 PM

මගෙන් ඉල්ලුවා නම් දෙනවනේ...!

:       0       11

මාබංකුසිංහ Wednesday, 14 May 2025 05:43 PM

ලිපිකරු, රක්ෂණ නියෝජිත, රියදුරු, ගාමසේවක වගේ රස්සාවක ඉඳල කෝටිපතියන් වෙන්න දියුණුවෙන්න ඒ කාලෙ රටේ වාසනාවන්ත වාතාවරණයක් තිබුණ. මෑත ඉතිහාසේ බැලුවොත් සෑහෙන්න උදාහරණ තියෙනවා.

:       0       0

Nandana Wednesday, 14 May 2025 05:57 PM

රටට ප්‍රකෝටි ගණන් නැතිකරපු එකා . අපි බලමු මොහුට දෙන දඬුවම

:       0       0

fairoos Wednesday, 14 May 2025 06:43 PM

අනේ එපා... මෙයා තොත්ත බබා...

:       0       10

Perera Thursday, 15 May 2025 12:33 AM

ලොකාගේ ගෙදර ගිහින් හැන්ගියන් මිරිස් කුඩ්ඩා කළා වගේ .මේ කපේට පොලිසියට හොයාගන්න බැහැ

:       0       0

ගමේ එකාලා Thursday, 15 May 2025 01:49 PM

පට්ට හොරෙක්.ඇප නෙවෙයි,කියපු කරපු දේවල් වල හැටියට ඉන්ඩ ඕනේ හිරේ..

:       0       0

achni Thursday, 15 May 2025 03:38 PM

මෙයත් ගෝල්ෆේස් එකට ගෙනත් ප්‍රසිද්ධියේ වින්දිතයලා මරන්න ඕන අයගෙන් එකෙක් තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 682 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site