IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස 11 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දැනුම් දුන්නේය.

හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරනයට ලබා දී ඇති පොරොන්දුව ද ලබන 11 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද අධිකරණය ප්‍රකාශ කළේය.

අක්‍රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරයේ, එල්.ටී.බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරුවන්  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක අබේසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ වසර දෙකක කාලයක් තුළ විදේශ සංචිතයන්ගෙන් ඩොලර් බිලියන හතක් අහිමි වී ඇති අතර මෙය 690% සංචිත අඩු වීමක් බවත් එම මුදල්වලට සිදුවූයේ සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු හෝ සොයා බලා නොමැති බවත්ය.

පෙත්සම්කාර මහාචාර්ය මහීන් මෙන්ඩිස් මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, ඉන්දියාව, භූතානය වැනි රටවල මුදල් අමාත්‍ය ධූරය දරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ මූල්‍ය විශේෂඥයෙකු වෙන අතර ඉකුත් පාලන සමයේදී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ධූරය හෙබවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අපොස සාමාන්‍ය පෙළ පෙළවත් සමත් දැයි නොදන්නා  සහෝදරයෙකු බවත් ඔහුට මහ බැංකුවට උපදෙස් දීමේ ඇති හැකියාවක් ඇද්ද  යන්න ගැටළුවක් බවත් ය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු 39 දෙනෙකි. 

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික වූ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සභාපතිවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා සහ ප්‍රකට පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලින් මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල පැමිණිලිකරුවෝ වෙති.

මෙම පෙත්සමෙන් නම් කර ඇති වගඋත්තරකරුවන්ගේ අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇතැයි පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.

මෙම පෙත්සම් යළි අගෝස්තු මස 10 වෙනිදා කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.



අදහස් (3)

මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

විපරමා Wednesday, 03 August 2022 04:31 PM

දුශිත බලලෝබියෝ රටට කරපු විනාසෙට විදේශ ගමන් තහනම් කරලා විතරක් ඇත්ද හරිනම් හොර දුශිතයෝ ඉන්ඩ ඕනේ හිරේ? ආසියාවේ ආශ්චර්යය වෙන්ඩැ?

:       1       10

fairoos Wednesday, 03 August 2022 06:13 PM

හොරාකාපු සල්ලිත් ආපහු අරගන්න ඕනෑ...!

:       1       4

ගමේ එකාලා Wednesday, 03 August 2022 07:43 PM

රටම හොරාකාලා, බන්කොලොත් කරපු, ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිතයන්ට එක නීතියක් ? දූෂිත පාලකයින් ගේ කෙරුවවාවල් නිසා පීඩනය දරාගන්ඩ බැරුව උද්ගෝෂණ ,අරගල කරපු ජනතාව හිරේ..සදහටම හිරේ ඉන්ඩ ඕන අය සුවසේ, කිසිම අඩුපාඩුවක් නැතුව ඉන්නවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site