IMG-LOGO

මිහින්තලේ නා හිමිගෙන් කෝටියක කප්පම් ඉල්ලලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

පහුගිය පලවෙනිදා වට්ස්ඇප් ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ වීඩියෝ පටයක් හා හඬපටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට නම්රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව සඳහන් කරමින් විහාරාධිපති හිමියන් පැමිණිල්ලක් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ 6 වැනිදා පැවසීය.

විහාරාධිපති හිමියන්ගේ යැයි පැවසෙන හඬ පටයක් හා වීඩියෝ පටයක් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අයකුගේ නමින් ඇති මුහුණු පොතේ පළ කර පසුගිය දෙවැනි දා ඒවා ඉවත් කර ගෙන ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.

කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන මුහුණු පොතේ මෙම හඬ පටය හා වීඩියෝව මේ වන විට පළ කර ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස්ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

එම කාන්තාවගේ නම ද විහාරාධිපති හිමියන් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයා සහ මෙම කාන්තාව ගැන ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 



අදහස් (0)

මිහින්තලේ නා හිමිගෙන් කෝටියක කප්පම් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 354 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 220 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site