IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිහින්තලේදී බඹරු ඇන්න 5කට අසාධ්‍යයි

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ පොලිසිය ආසන්නයේදි බඹරුන්ගේ ප්‍රහාරයකට ලක්විමෙන් දැඩි අසාධ්‍ය තත්වයට පත්ව මවක්, ඇයගේ දරුවන් දෙදෙනාත් සහ පොලිස් නිලධාරින් දෙනෙකු මිහින්තලය රෝහලට අද  (17) පස්වරුවේ ඇතුලත් කළ බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මහදිවුල්වැව පදිංචි 30 හැවිරිදි මවක් සහ ඇයගේ 11 හැවිරිදි දියණිය,06 හැවිරිදි පුත්‍රයා,මිහින්තලයේ පොලිසියේ සැරයන් වරයෙක් හා පොලිස් කොස්තාපල් වරයෙකු ඇතුළු පස් දෙනෙකි.

මහදිවුල්වැව පදිංචි මව සිය දරු දෙදෙනාත් සමග මිහින්තලය රෝහලට පැමිණ ආපසු යමින් සිටියදි පොලිසිය ආසන්නයේ ගසක බැද තිබු බඹර කුඩයක් ඇවිස්සිමෙන් බඹර ප්‍රහාරයකට ලක්ව ඇතැයි පොලසිය කියයි.

එම බඹර ප්‍රහාරයෙන් බේරිම සදහා මෙම මව සිය දරුවන් දෙන්නාද රැගෙන පොලිසිය වෙත දුව ගොස් තිබේ.

එහිදි මිහින්තලේ පොලිසියේ ගේට්ටුව ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු මව සහ ඇයගේ දරැවන් දෙදෙනා බඹර ප්‍රහාරයෙන් මුදවා ගැනිමට උත්සහා දරද්දි ඔවුන් දෙදෙනාද බඔරැන්ගේ ප්‍රහාරයට ලක්වි තිබුණි.

මින් දැඩි ආසාධ්‍ය තත්වයට පත්වු ඔවුන් පස්දෙනාම ප්‍රතිකාර සදහා මිහින්තලය රෝහලට ඇතුලත් කොට තිබේ.

මිහින්තලය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්සන පවත්වති.



අදහස් (1)

මිහින්තලේදී බඹරු ඇන්න 5කට අසාධ්‍යයි

බද්රානි Friday, 17 February 2023 10:39 PM

සත්තුන්ට දැඩි සේ ආදරය කරන ජනතාවක් වෙසෙන රටක මදුරු ගහනය වැඩි වුණා වගේ බඹරු ගහනයත් වැඩි වුණා නම්, කොතරම් හොඳද ශරීරවලට කොතරම් සනීපද? මගේ මිතුරියක් කිව්වා, මදුරුවන්ට පව් කියලා අර විදුලිය සම්බන්ධ කරලා තියන රැකට් එක භාවිතා කරලා මදුරුවන් මරන්නේ නැතිලු ඇය... බලන්න පින්වතුනී, අපි කොතරම් සිල්වත් ජාතියක්ද නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site