IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුහුදේ නාන්න ගිය ලැඟුම්හල්හිමියා -සේවකයා මරුට:අයෙක් අතුරුදන්

 (සිතුම් චතුරංග)

යාපනය , ඉලවාලෙයි සෙන්දන්කුලම මුහුදේ දිය නෑමට ගිය තිදෙනකුගෙන් දෙදෙනකු   දියේ ගිලී මියගොස් ඇතිඅතර තවත් අයකු  ගිලී අතුරුදන්ව ඇතැයි ඉලවාලෙයි පොලිසිය කියයි.

අරියකුලම් හි ලැඟුම් හලක් පවත්වාගෙන ගිය හිමිකරු සහ එහි සේවය කළ දෙදෙනකු ඊයේ මුහුදේ දියනාමින් විනෝද වී ඇති අතර එහිදී එකවර දියවැලකට හසුව තිදෙනා මුහුද ගැඹුරට ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව පොලිසිය පැවසීය‍.

එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ යාපනය පදිංචි දේවකරුණාදාස් ජූඩ්(37) සහ වවුනියාව, සෙට්ටිකුලම් පදිංචි සිවනේසන් දිව්‍යන් (21) හැවිරිදි තරුණයකු වේ.

මුහුදේ ගිලුණු තිදෙනාගේ සිරුරු සොයා ධීවරයින් හා පොලිසිය මුහුදු ප්‍රදේශය පරීක්ෂා කොට ඇති අතර එහිදි දෙදෙනකුගේ සිරුරු හමුවූ බව පොලිසිය පැවසීය.

අතුරුදහන්වූ අනෙක් පුද්ගලයාගේ සිරුරු සොයා නාවික හමුදාව හා පොලිසිය විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

මුහුදේ නාන්න ගිය ලැඟුම්හල්හිමියා -සේවකයා මරුට:අයෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site