
(රම්‍යා බිංදුහේවා)
ගාල්ල හබරාදුව දළවැල්ලේ ෙහෝටලයක් පිටුපස වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු රළ පහරකට හසුව දියේ ගිලීමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
පළමු අවස්ථාවේ දෙදෙනෙකු මුහුඳට බැස සිටියදී රළ පහර සමඟ ඔවුන් දෙදෙනා ගසාගෙන යන බව දුටු අනෙක් තරුණයා ඔවුන් බේරා ගැනිමට මුහුඳට බැස ඇති අතර , ඔහුද දියේ ගිලී ඇත.
ප්‍රදේශවාසින් තරුණයින් දෙදෙනකු ගොඩට ගෙන ඇති අතර එහිදි එක් තරුණයකු දිවි ගලවාගෙන ඇති අතර, අනෙක් තරුණයා දැඩි අසාද්‍ය තත්වයේ සිටීම හේතුවෙන් 1990 ගිලන් රථ සේවාව මඟින් කරාපිටය රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේදි මිය ගොස් ඇත.
ඔහු අක්මීමන ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට අනියුක්තව සේවය කරන බහුකාර්‍ය සේවකයකු බවට අනාවරණය විය. තවත් එක් තරුණයකු දියේ ගිලිමෙන් මේ වන විටත් අතුරුදන්ව ඇති බවට අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් හබරාදූව පොලිස් ස්ථානය මඟින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරයි
2025 දෙසැම්බර් මස 18
106
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේ ගිලි තරුණයෙක් මරුට:තවත් තරුණයකු අතුරුදන්