IMG-LOGO

මුහුදුබත් වූ නෞකා 47 ක් ශ්‍රී ලංකා හුමුදු සීමාවේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ විවිධ අවස්ථාවන්හිදී ගිලී මුහුදුබත් වූ නෞකා 47 න් කෞතුක වටිනා කමක් නොමැති නෞකා ගොඩගෙන අබිලි ලෙස අළෙවි කර රජයට මුදල් ලබාගැනීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.  

එම නෞකාවන් උපයෝගී කර ගනිමින් දේශීය ආර්ථිකයට උපරිම අදායමක් උපයා ගැනීමටත්, අවශ්‍ය නම් සංරක්ෂණ කිරීමටත් කටයුතු කරන බව කී අමාත්‍යවරයා මුහුදු බත්වී තිබෙන නෞකා නැරඹීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින්ට කිමිදි ඒවා ඡායාරූප ගැනීමට සහ ගවේෂණයට අවස්ථාව දියහැකි බව ද සඳහන් කළේය.

සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව සහ පෞදගලික අංශයේ සංචාරක සමාගම් එක්ව එම නෞකා යොදාගෙන ආදායම් ඉපයීමට වැඩසටහනක් සකස් කරන බවත් කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායවල නවතා ඇති නෞකා 6 ක් වරාය කටයුතුවලට බධා පමුණුවමින් වසර 6 ක පමණ කාලයක් නැංගුරම් ලා ඇති බවත් අමාත්‍යවරයා කීය.

මෙම නැව් 6 සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් අවසන් කර වරාය අධිකාරියට අයවියයුතු විශාල මුදල් ප්‍රමාණය අයකරගත යුතු බවත් ගිලුනු නැවක් පිළිබදව සමුද්‍රී නිතීයට අනුව වසරක කාලයක් ඇතුළත අයිතිවාසිකම් ඉදිරිපත්කර නොමැති නම් එම නැවේ හිමිකාරිත්වය සමුද්‍රිය තීරය අයිතිය රජයට ලැබෙන බවත් එම නෞකා ඉවත් කිරීම හා කැබලි වශයෙන් විකිණිමට නීතිමය බාධාවක් නොමැති බවත් හෙතෙම පැවසීය.

වරාය අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

 



අදහස් (4)

මුහුදුබත් වූ නෞකා 47 ක් ශ්‍රී ලංකා හුමුදු සීමාවේ

chandima Thursday, 02 February 2023 11:26 PM

එව්වත් විකුණලා මොවුන් දවසක් හරි වැඩිපුර බුරියානි කන්න වගේ යන්නේ..?

:       0       0

sisira Friday, 03 February 2023 05:04 AM

මෙයත් මුහුදුබත් වෙච්චි අබලන් නෞකාවක් තමයි...

:       0       1

pakeer Friday, 03 February 2023 10:24 AM

මේවා ගොඩගන්න අපට තාක්ෂණය නැහැ... නිකන් සල්ලි කන්නේ නැතිව ඉඳපල්ලා...

:       0       0

නිමල්සරා Saturday, 04 February 2023 12:42 AM

අපිට නැතිහින්ද තමයි මේ උනන්දු වෙන්නේ. තාක්ෂනය තියෙන රටක කොම්පැනියකට දීල කොමිෂන් එකත් ගත්තත් ඒකත් රටට ආදයමක්නේ. මේ රට වැටිලා තියෙන වෙලාවේ ඒකත් ලොකු දෙයක්නේ. නිකන් දිරලා යන එකේ. ජපන් කාරයෝ එච්චර හොඳ නෑ කේලම් කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 81 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 306 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site