IMG-LOGO

මුහුදුබඩ දුම්රිය මාර්ගයට ගුවන් පාලමක් කඩා වැටේ

(සුමිත් පොතුපිටිය,රේඛා තරංගනී ෆොන්සේකා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද රාත්‍රී කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිර වූ බව පොලිසිය පවසයි.

මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිරව තිබේ.

පාළම කඩා වැටීමෙන් මගීන් කිසිවකුට හානියක් සිදුව නොමැති අතර දුම්රිය මාර්ගය මතට සුන්බුන් පතිතවී තිබේ.

දුම්රිය මාර්ගයට පතිත වී ඇති සුන්බුන් ඉවත් කිරීමට දුම්රිය සේවකයන් කැදවා වීමට දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

පාළම කඩාවැටීමත් සමගින් ප්‍රදේශයේ විදුලි බලය ඇනහිටියේය.  

දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා මගීන් විකල්ප මාර්ගවලින් ගමන් පහසුව සලසා දිමට පොලිසිය කටයුතු කළේය. 

ඡායාරූපය සුමිත් පොතුපිටිය

 

(ඡායාරූප : රේඛා තරංගනී ෆොන්සේකා)



අදහස් (6)

මුහුදුබඩ දුම්රිය මාර්ගයට ගුවන් පාලමක් කඩා වැටේ

ගුණරත්න Wednesday, 26 March 2025 11:08 PM

මට මතකයි මේ ගැන, අනතුරුදයකම ගැන කලින් ප්‍රවෘත්තියක් පල වුනා, එත් ලොක්කන් ඒ ගැන කිසිම පියවරක් අරන් නැහැ වගේ, වාසනාවකට මෙන් දුම්රියක් එවෙලේ ගමන් නොකළ නිසා බේරුනා, එහ මේවා නම් මහා බරපතල වගකීම් නොසලකා හැරීම්. කෝ ආණ්ඩුව පොරොන්දු වූ වග වීම්?

:       6       6

Karunajeewa Thursday, 27 March 2025 01:17 AM

නඩත්තුව සහ හායනය අතර ගැටුම.. මේ මගී පාලම කිසිම දිනෙක නඩත්තු කර නැත. අවුරුදු කීයක් පැරණි පාලම ද ?

:       0       11

Nandalal DE SILVA - France Thursday, 27 March 2025 04:34 AM

අපේ කෝච්චි වලට මාර අපලා කාලයක් ලබලා තියෙන්නෙ! පීලි නොපැන , ගමනාන්තය දක්වා ගියපු එකම දුම්රියක් ගැනවත් අපි කිසිදවසක අසා නැහැ. හැමදාම කොහේ හරි දුම්රියක් (සිල්පර) කොට උඩ. නැත්නම්, තමන්ගේ බත් ගොට්ට "නැකැත්" වෙලාවට ලැබුනේ නැහැ කියලා, දුම්රියේ රියදුරා, ගිනි කුටක ආවේ, මඟින් මදිරිවල තම්බනවා! අද අහපු, කියවපු අලුත්ම news එක තමයි ගුවන් පාලම ගැන! අනේ මන්දා, හෙට අනිද්දා තව මොනව ගැන අහන්න බලන්න වේවිද කියලා! ! !

:       0       11

Aslam Thursday, 27 March 2025 08:44 AM

දිගු කාලයක් තිස්සේ නිසි නඩත්තුවක් සිදු කර නොමැත.

:       0       10

පිටරටවැසියා Thursday, 27 March 2025 08:50 AM

මේවා සුද්දාගෙ කාලෙ ඉදිවෙච්ච දුම්රිය මාර්ග සහ මගී පාලම්. මේවායේ අබලන් සහ අවදානම් බව වසර ගණනාවක් තිස්සේ විද්‍යුත් මාද්‍ය මගින් පෙන්වා දුන්නත්, දේශපාලකයින් සහ බලධාරීන් කිසිම තැකීමක් කළේ නැත. පසුගිය රජයේ ප්‍රවාහන ඇමති කිව්වේ බංකලොත් රටේ මුදල් නැත කියාය. ඒ වුණත් ඒ රජයේම දේශපාලකයින්ට, ජනපති අරමුදල අවභාවිතාකිරීමට හැකිවිය, ප්‍රථම වතාවට ජනරජ පෙරහැරක් පවත්වන්නට හැකිවිය, රතු මුහුදේ යන වෙළඳ නැව් ආරක්ෂාකිරීමට ලංකාවෙන් යුද නැව් අරින්නට හැකිවිය, ලක්දිව දරුවන් නිසි අහාර වේලක් නොමැතිව මන්දපෝෂණයට ගොදුරු වෙද්දී, ගාසාවට ඩොලර් මිලියන ගණනින් පරිත්‍යාග කිරීමට හැකිවිය. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ වෙච්චි රටක් මේක.

:       0       17

සිල්වා Thursday, 27 March 2025 05:05 PM

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ට අවශ්‍ය පඩි සහ දීමනා පමණයි. වැඩ කරන්න බෑ. දුම්රිය ගොඩනැගිලි පරීක්ෂකවරුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site