IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මුහුණු පොතෙන්‘ හඳුනා දේපොළ කොල්ල කෑ කතක් ඇතුළු 4ක් මාට්ටුු

(බී.ජි. චතුරංග )

'මුහුණු පොත' හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන 'වට්ස්ඇප්'  සහ 'මැසෙන්ජර්'  හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ,එම පුද්ගලයන් මිහින්තලයේ කැලෑ ප්‍රදේශවලට රැගෙන ගොස් ගස් බැද, පහරදී එම පුද්ගලයන්ගේ යතුරු පැදි, මුදල් ඇතුළු දේපළ කොල්ලකෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක කාන්තාවක්, පිරිමි පුද්ගලයන් තුනක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ඔවුන් සමඟ  කොල්ල කන ලද යතුරු පැදි 2ක්, ජංගම දුරකථන 4ක්  ඇතුළු දේපළ සමඟ අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් , අනුරාධපුර අශෝකපුර  විජයපුර සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21, 27 සහ 32 හැවිරිදි  පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකි.

පෙම්වතිය තමන්ට මිහින්තලය නගරයට පැමිනෙණ  ලෙස පවසා දුරකථන ඇමතුමක්  ලබාදී එලෙස පැමිණි පසු, පිරිමි පුද්ගලයන් සමග එක්ව තමන්ට පහරදී ගස් බැඳ  යතුරුපැදිය සහ මුදල්, ජංගම දුරකථන බැංකු කාඩ් පත්  කොල්ලකෑ බවට මිනුවන්ගොඩ  සහ අවුකන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (1)

‘මුහුණු පොතෙන්‘ හඳුනා දේපොළ කොල්ල කෑ කතක් ඇතුළු 4ක් මාට්ටුු

Bunny Preena Thursday, 08 May 2025 04:07 PM

සල්ලාල කමේ යන ගෑනු පෙරේතයින්ට හොඳ පාඩම්

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site