
(ජේ.ඉඳුරුවගේ)
රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
අමාත්‍ය මන්ඩල තීරණයකට අනුව ගෙන ඇති මෙම වැඩ පිළිවෙල අනුව එම ආයතන 166 මගින් සලසන මහජන සේවාවන්හි ගුණාත්මක භාවය සහ එම සේවාවන් ලබාගැනීමේදී මහජනතාව මුහුණ දෙන ගැටලු සහ සේවාවන්හි ගුණාත්මක බව ඉහල නැංවීමට වන යෝජනා මහජනතාවගෙන් ලබා ගැනීමට එම කමිටුව තීරණය කර තිබේ.
මෙම අදහස් විමසීමට අදාළ නිර්දේශිත ආයතන එකසිය හැට හයේ නම් ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් සබැඳියෙන් බාගත කරගත හැකි බවත් එහි සඳහන් ආකෘති පත්‍රය පුරවා මහජනයාට තම අදහස් මෙම මස 31 දක්වා මෙම කමිටුවට ලබාදිය හැකි බවත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක්
සාලිය Saturday, 18 January 2025 09:27 AM
රජයේ සියලුම අයදුම්පත් තනි පිටුවට සීමා කරන්න. සරල වෙන්න... ටින් අංකය වෙනුවට ජා.හැ. අංකය දාන්න පුළුවන්කම තිබුණා. ආන්න ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා.