IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘මහජන රැළි - ප්‍රචාරක වැඩසටහන් පැවැත්වීමෙන් වළකින්න‘

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමේ පියවරක් ලෙස අවම වශයෙන් තවත් දින 10 ක් වත් යනතුරු ප්‍රසිද්ධ මහජන රැළි හා ජනතාව  රැස්කරවන  ප්‍රචාරක වැඩසටහන්  පැවැත්වීමෙන් වළකින ලෙස සියළුම  දේශපාලන පක්ෂවල නායකයන්ගෙන්, අපේක්ෂකයන්ගෙන් හා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නාමයෝජනා ශාලාව අවට  ආධාරකරුවන් රැස්කිරීමෙන්  කැඳවීමෙන් හා පෙළපාලි යෑමෙන් වළකින ලෙසද එම නිවේදනයේ සඳහන් වේ.

නාමයෝජනා භාරදීමට පැමි‍ණෙන අවස්ථාවේදී ඒ සඳහා නීතියෙන් බලයලත් පුද්ගලයන් පමණක් නාමයෝජනා ශාලාව තුළට පැමිණෙන ලෙසද දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගෙන්, බලයලත් නියෝජිතයන්ගෙන් සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

නාමයෝජනා භාරදීම සඳහා බලය ඇති ලේකම්වරයා, බලයලත් නියෝජිතයා හෝ ස්වාධීන කණ්ඩායම් නායකයා සහ නාමයෝජනා පත්‍රයේ දෙවැනි නම  සඳහන් තැනැත්තාට  නාමයෝජනා ශාලාව තුළට පැමිණිය හැකි අතර අවශ්‍යනම් එක් සහායකයෙක් පමණක්ද  නාමයෝජනා ශාලාව තුළට පැමිණිය  හැකි බවද  එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (0)

‘මහජන රැළි - ප්‍රචාරක වැඩසටහන් පැවැත්වීමෙන් වළකින්න‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site