
(සුජිත් හේවාජුලිගේ )
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22)රැස්විය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත් කිරීමට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතාගේ නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පසුගියදා යෝජනා කරනු ලැබීය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා පසුගියදා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
ඔහු එම තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේදී පසුගිය මැයි මස 24 වැනිදා සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77ක් පමණි.
සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව එහිදී ඡන්දය ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන උපයෝගීතා කොමිසමට අලුත් ලොක්කෙක්
Samitha aluthgamage Friday, 23 June 2023 02:57 PM
පඹයෙක්ද ? රූකඩයක්ද?එහෙයියෙක්ද?
Kazi Shajahan Friday, 23 June 2023 02:59 PM
රනිල්ගෙ හෙන්චයියෙක් නෙ. යස් සර් කියයි.