(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ පෙරදිග සංගීතය පිළිබඳ මහාචාර්ය විෂ්ණු චිට්ටන් බලාජි මහතා සතියක ශාස්ත්‍රීය සංගීත චාරිකාවක් සදහා අද දහවල් දිවයිනට පැමිණියාය.
බලාජි මහතා ශාස්ත්‍රීය ගායන අංශයේ මෙන්ම වයලීන වාදනයෙහි ද අති දක්ෂයෙකි .
බලාජි මහතා සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ නිවසෙහි දී ද පිටකෝට්ටේ රවි බන්දු විද්‍යාපති නර්තන ඇකඩමියේ දී ශ්‍රී ලංකාවේ සංගීත විෂය උගන්වන ගුරු භවතුන් , උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සංගීතය විෂය හදාරන සිසුන් සදහාත්, ශාස්ත්‍රීය ගායනා සහ වාදන වැඩසටහනක් පැවැත්වීමට නියමිතය .
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී ත් ශාස්ත්‍රීය ගායන සහ වාදන ප්‍රසංග පැවැත්වීමට නියමිතය .
මෙම සියලු ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ මෙහෙයවීමෙන් සහ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර තිබේ. සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ ආරාධනයෙන් ඔහු මෙරටට පැමිණියේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මහාචාර්ය විෂ්ණු චිට්ටන් බලාජි දිවයිනට