IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙහෙකාරියගේ ඝාතන ගැන සොයන්න මානව හිමිකම් කොමිසම එයි

(ඉන්දිකා රාමනායක)

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් අත්අඩංගුවට ගත් මෙහෙකාරියගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා, සැලකිල්ලට ගෙන ස්වෙච්ඡාවෙන්ම මෙම විමර්ශනය ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී, චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරිය ගෙන්, වැලිකඩ පොලීසියේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ගෙන්, සහ මියගිය කාන්තාවගේ ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ බදුල්ල මඩොල්සීම ප්‍රදේශයේ පදිංචි ආර් රාජ්කුමාර් (42)නැමැති තිදරු මවකි.

 



අදහස් (4)

මෙහෙකාරියගේ ඝාතන ගැන සොයන්න මානව හිමිකම් කොමිසම එයි

පිටරැටියා Saturday, 20 May 2023 04:58 PM

ඔය කියන ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියට නමක් නැද්ද?

:       0       15

senaSaturday, 20 May 2023 05:19 PM

යූටියුඩ් ගිහින් බලන්න.. දැන් කාලේ යම් සිදුවීමක ඇත්ත තොරතුරු දැනගන්න ප්‍රධාන පෙළේ මාධ්‍ය බලලා වැඩක් නැහැ.

:       0       11

අනුරSaturday, 20 May 2023 06:46 PM

කලින් ප්‍රවෘත්තියක "නෙත්තිකුමාර" කියලා සටහන් වුණා මතකයි.

:       0       5

Sunil Saturday, 20 May 2023 05:32 PM

මේ සිද්ධිය තවත් එක් මරණයක් වන්නට දෙන්න එපා. ඒ අහිංසක මිනිස්සුන්ට හඬක් නැති නිසාම සිද්ධිය යටපත් කරන්නට දෙන්නත් එපා. මහජන අයිතිවාසිකම් ගැන නන් දොඩන විද්‍යුත් මාධ්‍ය මේ ගැන නිහඬ ඇයි?

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site