(දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන)
අනුරාධපුර, මහඉලුප්පල්ලම පිහිටි රජයට අයත් ක්ෂ්‍රේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීරණය අයත් මහජන දේපල රැසක් විනාශයට පත්ව ඇතැයි ජාතික ගොවි ජන එකමුතුව චෝදනා කරයි.
ක්ෂ්‍රේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය (උප ඒකකය), බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු උප කාර්යාලය ඇතුළු කෘෂි සංකීරණය මහඉලුල්පල්ලම නගරයේ පිහිටා තිබේ.
මෙම ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන්නකි. ජාතික ගොවිජන එකමුතුවේ නිළධාරීන් පිරිසක් හා සත්ව නිෂ්පාදන එකමුතුවේ නිළධාරීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
එහිදී ඔවුන් ගොවිපළ භූමි, සත්ත්ව පාලන අංශය ඇතුළු ස්ථාන රැසක් නිරීක්ෂණය කළ අතර, එහි සේවන් සමඟද ආයතනයේ තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.එ අනුව ඔවුන් ගොවිපළ භූමිය නිරීක්ෂණය කළහ, ගොවිපල භූමියේ වැටවල් වන අලින් කඩා ඇති අයුරු, ඵළ නොදරන පොල්, අඹ ගස් හා වගා නොකර කැලෑවට යට වූ වගා බිම්, වගා වන් සිදු නොකර විනාශ වෙමින් යන දැල් ගෘහ, වසර ගණනකින් ප්‍රථිසංස්කරණය නොකිරීම නිසා ගරා වැටෙමින් පවතින සේවක නිළ නිවාසයන් දැක ගත හැකි විය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහඉලුප්පල්ලම මරණ මංචකයේ
ananda Monday, 21 November 2022 07:07 AM
True.
sharm warn Monday, 21 November 2022 09:32 AM
අන්න. . අමරවිර ගොයියට පුටුව රත් වෙලා. රෙඩි ලෙෆ්ට් කියලා තෙරිලා තියෙන්නෙ දැන්. .
dhamneth Monday, 21 November 2022 10:51 AM
ඉදිරියෙ සගත ඇතිනොවී ජනතාවට බඩගින්නෙ නොසිටින්න නම් මහඉලුප්පලම් පේරාදෙණිය ගුව බොම්බුවෙල, අඹේවෙල ඇතුලු කෘෂි පර්යේන ස්තානත් තේ රබර් පොල් පර්යේන ආයතන ඇතුලු වගාවට සම්බන්ද සියලු ආයතන වඩිදියුනුකරමින් රැක බලගතයුතුයි.
sam Monday, 21 November 2022 11:50 AM
දැන් ඕකත් විකුණන් කන්න ප්ලෑන් කරයි