IMG-LOGO

මස් - බිත්තර කන අයට ලබන වසර අසුබයි

(අංජුල මහික වීරරත්න)

විදේශ විනිමය හිඟය නිසා මව්සතුන් ආනයනය අවම වීම හේතුවෙන් ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී විය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය මව්සතුන් 80,000ක් ආනයනය කර තිබෙන නමුත් මේ වසරේ දී විදේශ විනිමය හිඟය හා ඉන්දියාව වැනි රටවල් මව්සතුන් අපනයනය කිරීම අත්හිටුවීම හේතුවෙන් 2022 වසරේ දී මව්සතුන් මෙරටට ආනයනය කිරීම 7000 දක්වා අවම වී තිබෙන බව අමාත්‍යවරයා කීය.

එම ගැටළුවත්, සත්ව අහාර හිඟයත් නිසා ලබන වසරේ දී මෙරට බිත්තර කර්මාන්තයට මෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ඉතාමත් ගැටළුකාරී විය හැකි බව පෙනී යන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

ලෝක බිත්තර දිනය සමරමින්  අගුණකොළපැලැස්ස පුරහලේ පැවැති ජාතික  වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී ගැබිනි මව්වරු 500 කට බිත්තර ඇතුළත් පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය අඩංගු ආහාර මල්ලක් බැගින් බෙදාදීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.  ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එම වැඩසටහන සංවිධාන කළේය



අදහස් (4)

මස් - බිත්තර කන අයට ලබන වසර අසුබයි

විජේ Sunday, 16 October 2022 10:13 AM

අවුරුදු 25ක් විතර ඇමැතිකම් කරලා රට මේ තැනට ගෙනාව එකට සතුටු වෙයන්...

:       0       3

pakeer Sunday, 16 October 2022 11:26 AM

ඒ කියන්නේ ලබන වසරේ ප්‍රෝටීන ඌණතාවයක්... සුපිරි ආශ්චර්යය වෙන්නේ දැන් තමයි. ඉතින් මේවා මෙහෙම වෙනකොට අර එක්කෙනෙක් ඇවිත් කියනවා ආයෙත් අර බැසිල් ඇවිත් නායකත්වය දෙනවලු. මේවටද නායකත්වය දෙන්නේ..? මොවුන් ඇඳුම් අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි.. මොවුන් මන්ද බුද්ධිකයින්... කාලකණ්ණි...!

:       1       3

fairoos Sunday, 16 October 2022 12:24 PM

ලබන වසර විතරක් නොවේ දැනුත් අසුබයි. මේ කාලකණ්ණි පොහොට්ටුවේ ආණ්ඩුව තියෙනකන් රටට කිසිම සෙතක් නැහැ.

:       1       9

ganegoda Sunday, 16 October 2022 10:12 PM

නියම බෞද්ධයෝ වෙන්න කාලය උදා වී ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site