
(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව රුපියල් 1000 ත් 1100 ත් අතර මිළකට පැවති කුකුලු මස් මිල රුපියල් 1500 ත් 1600 ත් අතර මිළකට එක්වරම වැඩිවී ඇතැයි ඔව්හු සඳහන් කරති.
මෙයට සමගාමීව වෙලඳපොළේ මාලු මිළ ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 1900 කටත්, බලයා කිලෝව රුපියල් 1400 කටත්, පරා කිලෝව රුපියල් 1700 කටත්, තලපත් කිලෝව රුපියල් 2700 කටත්, සාලයා කිලෝව රුපියල් 400 කටත්, ලින්නා කිලෝව රුපියල් 1500 කටත් අලෙවි වන බවද ඔව්හු පවසති.
මෙම මිල ගණන්වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොළේ මාලු මිළ ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා කිලෝව රුපියල් 2800ත් 3200ත් අතර මිළකටත්, බලයා කිලෝව රුපියල් 2000 කටත්, පරා කිලෝව රුපියල් 2400 කටත්, තලපත් කිලෝව රුපියල් 3200 ත් 3800 කටත්, සාලයා කිලෝව රුපියල් 650 කටත්, හැඩැල්ලා කිලෝව රුපියල් 1950 කටත් අලෙවි වන බවද ඔව්හු පවසති.
මේ අතර බිත්තර සඳහා රජය පාළන මිළක් පනවනු ලැබුවත් සාමාන්‍ය වෙලද පොලේ බිත්තරයත් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිළකට අළෙවි වන බවත් ඔව්හු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල ශක්තිමත් වෙලා කියලා උද්දාමයෙන් ඉන්න සම හරක්ට ඕකත් මහලොකු කජ්ජක්ද? තව බඩු මිල වැඩි වෙන්න ඕනා. නැත්නම් රතිඥා පතුකරලා රබන් ගහන්න තරම් ගැම්මක් බඩට දැනෙන්නේ නැහැ. අනික ඉතින් ප්‍රෞඩ ජාතියක් මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ නැත්නම් කිසි ගතියක් නැහැ. කාටද ආඩම්බර...?
ඩොලරය සීයට අඩුවුනත් වෙළෙන්දෝ බඩු මිල අඩු කරන්නේ නෑ,කුඩු ගේන උනුන්ගෙයි මොවුන්ගෙයි කිසිම වෙනසක් නෑ
නොකා හරි වරෙල්ලා ජාතිය ,ආගම බේර ගන්න ...
මොකටද වෙළඳ ඇමතියෙක් මෙහෙම සිදුවෙනකොට.
ඩොලරය බහිනවා ලු. එහෙනම් මේවා නගින්නේ කොහොම ද? විදුලි බිලත් එක් හේතුවක්. අනික පාලකයෝ අසමත් (Fail).
ප්‍රශ්නයක් නැහැ...අපේ සිංහල බෞද්ධයෝ ඔය මළ කුනවල් කන්නේ නැහැනේ.
නිමල කොඩිතුවක්කු, SJB මෙම්බර් කෙනෙක් ද ?
බිස්කට් වලට කරපු වැඩේ කරන්න ඕනා. එක මාසයක් මස් මාළු නොකා හිටියා නම් හරි. අනික ඕක එක මාසයක් නොකෑවා කියලා මැරෙන්නේ නැහැනේ.
සාලයා කිලෝව 600ට කමු. ගණන් වැඩි ඒවා නොකා ඉමු.
ලංකාවෙ දුප්පතාට හැම දාම සෝයා මීට්.
ඊයේ වෙනකොට ඩොලර් එක 290 සීමාවට ඇවිත් .කුකුළු කෑම ,ඩීසල් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙද්දි ඇයි මේ අය මේ විදිහට අසාධාරණ ලෙස මිනිස්සුන්ව හූරගෙන කන්නේ .. කරුණාකර රජය මේකට මැදිහත් වෙලා මිල පාලනය කරන්න .මූදෙන් අල්ලගෙන එන මාළු කිලෝ එකකට අද 4000 ගෙවන්න වෙලා..
රුපියල හොඳටම ශක්තිමත් කියලා කියන්නේ ඕකට තමයි .අඩුම ගානේ ලොසින්ජරයක් වත් ගන්න රුපියලට බෑ
මේවා මෙහෙම වැඩිවෙන්නේ මොකද ,එකට යොදන පිළියම් මොනවද කියල කියන්න දන්නා කෙනෙක් මේ පොහොට්ටුවේ වත් පින්පතිගේ කැබිනට්ටුවේ වත් නැහැ ,උන් දක්ෂ නතෂලව හොයාගෙන එක්තරා කොට්ටශයක් පිනවන්න විතරයි
මේ කාලකන්නි ආණ්ඩුව තියනකම් ඔහොම තමයි ඉන්න වෙන්නේ
රුපියල ශක්තිමත් වෙලා කියනව නේද?
ඔය වෙලෙන්දොයි දෙස්පාලුවොයි ඔක්කොම එකටමයි නිරේට යන්නේ