IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුස්ලිම් ජනතාව නිවෙස් වලට වී රාමසාන් සමරති

(ළහිරු හර්ෂණ)

මුස්ලිම් ජනතාව මාසක කාලයක් සිදුකරනු ලැබූ රාමසාන් උපවාස සමය අවසන් කර අද (24) රාමසාන් උත්සවය සමරනු ලැබූහ.

ඊයේ (23) සවස රාමසාන් උපවාස සමය අවසන් කෙරිණි.

ලෝකය පුරා ව්‍යාප්තව පවතින කොවිඩ්  - 19 වසංගතය පාලනය කිරීම සඳහා නිවෙස්වල සිට රාමසාන් උත්සවය සමරන ලෙස රජය මෙන්ම සෞඛ්‍ය අංශ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර මුස්ලිම් ජනතාව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව නිවෙස්වල රැඳී සිටිමින් එය ඉටුකරන ආකාරය දැකගන්නට ලැබුණි.

මුස්ලිම් ජනතාව පල්ලි වලට නොපැමිණීම හේතුවෙන් පාලු ස්වභාවයක් ගෙන තිබූ අතර පල්ලිවල රැඳී සිටිමින් එම පල්ලි පාලනය කරන පිරිස පමණක් යාච්ඤා කරමින් එම චාරිත්‍ර පල්ලි තුළදීම ඉටුකරනු ලැබීය.

 



අදහස් (12)

මුස්ලිම් ජනතාව නිවෙස් වලට වී රාමසාන් සමරති

Raveendra Sunday, 24 May 2020 11:47 AM

ඔබ සැමට සුබ රාමසාන් උළෙලක් වේවා ...!!!

:       120       1142

පූජා Sunday, 24 May 2020 12:00 PM

වැඩිහිටියන් සමඟ වාඩිවී සිටින කුඩා පුතු හරිම හුරතල් පාටයි. සියල්ලන්ටම සුභ රාමසාන් උළෙලක් වේවා.!!!

:       177       864

පූජා Monday, 25 May 2020 08:40 AM

මෙතරම් ඩිස්ලයික් වැටෙන්නේ..., මේ කුඩා දරුපැටියා හුරතල් කිව් නිසාද? එහෙමත් නැතිනම් මුස්ලිම් සහෝදර ජනතාවට ඔවුන්ගේ "රාමසාන්" උත්සවයට සුබ පැතූ නිසාද කියා නොදනිමි...

:       88       223

විජිත්Monday, 25 May 2020 09:27 AM

ලෝකයේ හැමතැනම වගේ දැන් දැන් මේ පිටුවටත් එකඑක මානසික අබාධ තියෙන පිරිස් ඇවිල්ලා... පැහැදිලි ඉරිසියාවක් සමග එන හීනමානය විසින් මිනිසුන්ව මේ තත්වයට පොළඹවනවා. ඒ ගොල්ලන්ට ඕනදෙයක් කරපුවාවේ. ඔයාගේ ඇඟේ ගෑවෙන්නේ නැහැනේ. අනික මේ පිටුව බලන අපේ හිතවත් සහෘදයින් සොයන්නේ " දැනුම "මිසක් කොපමණ dislike වැටිලාද කියලා නොවෙයිනේ. දැන් බලන්න මට කොයි තරම් dislike වැටිලා තියෙනවාද..? හැබැයි ඕවා කරන්නේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් පමණයි... බහුතරයක් ඒ කියන්නේ 90% කටත් වඩා අපිට හිතවත් අපිව අවංකවම අගය කරන යහළුවෝ ඉන්නේ මේ පිටුවේ. ඔය ගැන ඔයතරම් හිතන්න එපා.

:       114       354

පූජා Tuesday, 26 May 2020 02:44 AM

ඔබතුමාගේ කරුණාවන්ත වදන් වලින් මගේ සිත සුවපත් වුණා. dislike වැටුනට කමක් නැහැ. අර පොඩි සිඟිත්තා සන්සුන් ඉරියව්වෙන් , අහිංසක බැල්මෙන් බලා හිඳින ඉරියව්ව ටිකක් බලන්න.. ඔබතුමාගේ කරුණාවන්ත වදන් වලට ස්තුතියි ... (පස්සේ වෙලාවක "අසනිය මල්" කියන්නේ මොකක්ද කියලා අපටත් කියලා දෙන්න හොඳේ)

:       1       42

විජිත් Tuesday, 26 May 2020 02:33 PM

....මට මතක්වුනා නන්දා මාලිනි මහත්මියගේ "..ලොවම එපාවී - ලොවම කලකිරී.." කියන ඉතාමත් සංවේදී ගීතය.

:       0       11

විජිත් Sunday, 24 May 2020 03:21 PM

මම මුස්ලිම් අයගෙන් ආදර්ශයට ගත් වටිනාම දේ තමයි බෙදා හදාගෙන කෑම. මේ උත්සව කාලයට විතරක් නොවෙයි සාමාන්‍ය දිනවල පවා මුස්ලිම් කෙනෙක් ආහාරයක් හෝ බිමක් හෝ ගැනීමට පෙර අනෙක් සියලු දෙනාටම ඒවා ලැබී තිබෙනවාද කියා " නොවිමසාම "සොයා බලනවා. තව දෙයක් තමයි ඒ ගොල්ලෝ "..හදවතින්ම " එහෙමත් නැතිනම් " අවංකවම .." යන්න අරුත් දෙන විදිහට දකුණු අත පපුවට තියනවා. ලංකාවේදී මගේ හොඳම මිතුරත් මුස්ලිම් කෙනෙක්. චූටි කාලයේදී පාසලේදී පටන්ගත්ත ඒ මිතුරුකම අදටත් එහෙම්මයි.. මම වගේ නොවේ ඔහු පාසලේදී කලා පන්තියක ඉගෙනීම කලේ. සිංහල භාෂාව ගැන ඔහුගේ ඇති පුළුල් දැනීම ගැන සමහර වෙලාවට මමම මා ගැන ලැජ්ජා වෙනවා. ලෝකයේ කොහේ හිටියත් මට සිංහල වචනයක් ගැන ප්‍රශ්නයක් ආවොත්.. මම කෙලින්ම අහන්නේ ඔහුගෙන්. පසුගිය මාසේ.. මම මගේ මිතුරාගෙන් ඇසුව ප්‍රශ්නය තමයි.." මචන් ..අසනිය මල් " කියන්නේ මොන මලටද...? " උත්තරය මොහොතකින් ලැබුනා... ඉතින් සියලුම ලෝකවාසී මුස්ලිම් වැසියන්ට වාසනාවන්ත රාමසාන් උළෙලක් වේවා....!!!

:       91       255

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 03:27 AM

ඔබ සැමට සුබ රාමසාන් උපවාස උත්සවයක් වේවා !!! සැබෑ මුස්ලිම් බැතිමතුනි, බෞද්ධ, කිතුණු, කතෝලික හා හින්දු සොහොයුරන් ඔබලාගේ හතුරන් ලෙස කිසිදා නොසිතන්න. ආගමකින් කෙරෙනුයේ, මිනිසා ශිෂ්ට සම්පන්න කිරීමය. අදට වඩා පෙර සිටි මුස්ලිම්වරුන්ට ලොව ගෞරවයක් දැක්වූයේ, ඔවුන්ගේ තිබුණු අමුතුම ආකාරයේ විනය හා හික්මීම නිසාය. කල්යත්ම එම දහමට බින් ලාඩන්, සහාරාන් වැනි අන්තවාදීන් රිංගීම නිසා ඒ තත්වය වෙනස් විය. මෙම තත්ත්වය වෙනස් කොට අන්තවාදීන්ගෙන් තම ආගම බේරාගැනීම සැබෑ මුස්ලිම් බැතිමතුන්ගේ යුතුකමකි. බෞද්ධ දර්ශනයටද, අන්තවාදීන් රිංඟාගෙන ඇත. එයින්ද උතුම්වූ දහම කිලිටිවෙයි. බෞද්ධ ජනතාවද, අන්තවාදීන්ගෙන් නිර්මල දහම බේරාගැනීමට බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. බුද්ධ චීවරයට මුවාවී සිටින තක්කඩියන්, මැරයන් හා දේශපාලන ගැත්තන්ගෙන් දහම බේරා ගතයුතුයි. සිවුරට මුවාවී සිටින තක්කඩියන් එලවීමට එක්තරා නිකායකින් ගත් පියවර අගය කළ යුතුය. එමෙන්ම, එසේ කිරීමට අන් නිකායන්ටද බලපෑම් කළ යුතුයි.

:       36       305

vidya Monday, 25 May 2020 04:36 AM

ඇත්ත වශයෙන්ම මෙම ප්‍රතිපත්තිය පිළිපැද්දාට අපි අගය කල යුතුයි. බොහෝදුරට මුළු රටේම ජනතාව පරෙස්සම් වෙලා කටයුතු කලොත් කොහොම හරි මේ අාගාධයෙන් ගොඩයන්න පුළුවන්...

:       10       128

rishad Hambantota Monday, 25 May 2020 05:55 AM

සුබ පැතුම් එක් කළ සියලු සහෝදරයන්ට ස්තූතියි. මාතෘ භූමියට ජය වේවා !

:       53       132

Rata Perata Monday, 25 May 2020 07:13 AM

සුබපැතුම්! එසේම නිවසේ කාන්තාවන්ටත් සම තැනක් ලබාදීමට, පරණ නීති වෙනස් කරනවා නම් අගනේය...

:       606       353

ධම්ම Monday, 25 May 2020 02:58 PM

"රාමසාන් කරීම්" සොයුරනි..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site