(ශ්‍රීනාත්ප්‍රසන්න ජයසූරිය)
අවුරුදු 11 ක් වයසැති බාල වයස්කාර පාසල් සිසුවියකගේ කෙස් කළඹ කපා දැමූ බව කියන අඹුසැමි යුවළක් සැකපිට අත්අඩංගුවට ගත බව කැස්බෑව පොලිසිය පවසයි.
මෙම බාලවයස්කාර සිසුවියගේ මව සමග පැවති බව කියන ආරවුලකට පළිගැනීමක් වශයෙන් මෙවැන්නක් කර ඇතැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සැකකාර අඹුසැමි යුවළ දැරියගේ මව සොයා ඇයගේ නිවසට පැමිණ ඇත. ඒ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දැරිය පමණක් යැයි පොලිසිය සඳහන් කරයි
දැරිය ගෙන් මව ගැන විමසා ඇය නිවසේ නොමැති බව දැරිය පැවසූ පසු දැරිය අල්ලාගත් අඹුසැමි යුවළ ඇයගේ කෙස් කළඹ කපා දමා ඇතැයි එම පොලිස් නිලධාරියා කීය
මව නිවසට පැමිණි පසු දැරිය කපා දමන ලද කෙස්කලඹ පෙන්වා සිදු වූ දේ ගැන ඇය සමඟ පවසා ඇත.
කපා දමන ලද කෙස්කලඹ ද බෑගයක දමාගෙන මව දැරිය ද කැටිව පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කරනු ලැබුවාය.
දැරිය ගේ ප්‍රකාශය අනුව සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා කැස්බෑව පොලිස් වසමේ පදිංචි අය වෙති.
නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට කපා දමන ලද කෙස් කලඹ ද පොලිස් භාරයට ගෙන ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මව සමග ආරෝවට දියණියගේ දිගු වරළස කපලා
Perera Monday, 09 January 2023 07:53 AM
ලමයගෙ අම්මත් මොකක් හරි පට්ට අමන වැඩක් අරුන් දෙන්නට කරල ඇති.
LalaithM Monday, 09 January 2023 08:54 AM
රටේ නීතිය හා සාමය නැතිවීමේ ප්‍රතිඵලය!
ආනන්ද Monday, 09 January 2023 12:46 PM
කොණ්ඩය කැපූ කාන්තාවගේ හිස බූගා දැමීමෙන් නැවතත් මෙවැනි දෙයක් නොවේවි. ළමා රක්ෂණ අධිකාරියේ සභාපති නොදන්නවා වෙන්න පුළුවන් ඇහැරවා කියන්න...