අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිවැරදිව මව්කිරි ලබාදීම ඉතා වැදගත් වේ.
නමුත් වර්තමානයේ බොහෝවිට කාන්තාවන් රැකියාවක නියැලෙන නිසා දරුවා ලැබීමෙන් පසුවද ඇයට රැකියාවට යාමට සිදුවන අවස්ථා තිබේ.
මුල් මාස තුනේ බොහෝවිට මව දරුවා සමඟම සිටියත්, රැකියවක නියැලෙන කාන්තාවක් නම් මාස හයක් පුරා දරුවා ලඟ සිටීමට අවස්ථාව ලැබෙන්නේ සුළු වශයෙනි.
එසේනම් මව ලඟ නොමැති වුවත් නිසි ලෙස මුල් මාස හයම බිළිඳාට මවුකිරි පමණක්ම ලබා දෙන්නේ කොහොමද? ඒ ගැන නිවැරදිව දැනගනිමු.
මව රැකියාවකට යන්නේ නම් ඇය තමන්ගේ දරුවා වෙනුවෙන් දොවා තබන කිරි ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව දරුවාට ලබාදීමට මවට සහයෝගය ලබාදීම වැදගත් වේ.
එය සිදුකරන්නේ කොහොමද?
එහිදී මුලින්ම මව්කිරි දෙවීමට හා දෙවූ මව්කිරි දරුවාට ලබාදීමට පෙර සබන් යොදා හොඳින් දෑත් පිරිසුදු කරගත යුතුය. ඉන්පසු කිරි දෙවීම සඳහාද සබන් යොදා පිරිසුදු කරගත් කට පළල් භාජනයක් භාවිතා කිරීම සුදුසු වේ. මේ සඳහා ආහාර දැමීමට සුදුසු වීදුරු, මල නොබැඳෙන වානේ හෝ ප්ලාස්ටික් භාජනයක් කිරි දෙවීම සඳහා භාවිතා කළ හැකිය.
ඉන්පසු මව්කිරි දොවාගැනීමෙන් අනතුරුව භාජනය හොඳින් ආවරණය වන එනම් තදින් වැසෙන පියනකින් වසා ගන්න. එසේ දොවාගන්නා මව්කිරි 25˚ජ හෝ කාමර උෂ්ණත්වයේ උපරිමය පැය 4ක් දක්වා කාලයක් තබාගත හැකිය. එහිදී මව්කිරි ගබඩාකරන භාජනයේ කිරි දොවාගත් දිනය සහ වේලාව සටහන් කිරීමට අමතක නොකළ යුතුය.
මව්කිරි ගබඩා කිරීමේදී විශේෂයෙන්ම මතක තබාගත යුතු කාරණයක් ඇත. එනම් දොවාගත් මව්කිරි කිසිම විටෙක ශීතකරණයේ දොරෙහි ගබඩා කිරීමෙන් වැළකීමයි. ඒ අනුව මුලින්ම දොවා ගත් මවුකිරි දරුවාට මුලින්ම ලබාදීම කළයුත-ුය.
ශීතකරණයේ තිබූ මව්කිරි නම් එය දරුවාට ලබාදීමට පෙර මද උණුසුම් දිය බඳුනක බහා තබා කාමර උෂ්ණත්වයට 25˚ජ පත්කරගත යුතුය. එමෙන්ම ශීතකරණයෙන් පිටතටගත් දොවාගත් මව්කිරි පැය දෙකක් ඇතුළත කාලයේදී දරුවාට ලබා දීම කළ යුතුය.
මෙලෙස දරුවාට කිරි ලබා දීමෙන් පසු දරුවා ඉතිරිකරන කිරි නැවතත් ශීතකරණයට නොදමා ඉවත්කළ යුතුවේ. මව රැකියාවකට ගියත් මේ ලෙස නිවැරදි පිළිවෙලට දරුවාට මව්කිරි ලබාදීම සුදුකළ හැකිය.
සටහන නයනා උදයංගනී
තොරතුරු ලබා ගැනීම - සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙනි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද