(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තම පුතු මව්පියන්ගේ අකමැත්ත මත විවාහයක් කර ගැනීමට විරෝධය දැක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීම නිසා අලුතගෙනා මනමාලිය සමග තමාට ඉහළ මහළයේ ඇති කාමරයට ඉනිමගකින් යාමට සිදු ව ඇතැයි අම්පාරේ තරුණයකු උහන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත.
තමා සහ බිරිය උඩුමහලේ ජීවත් වන අතර ඊට නිවසේ පිටතින් ඇතුළුවීමට පඩිපේලියක් නැතැයි ද මව පියා සහ සහෝදරියන් තිදෙනා නිවසේ ප්‍රධාන දොරට අගුලු දමාගෙන සිටින බව ද එම තරුණයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
තමාට සහ බිරියට නිවසින් එළියට යාම සඳහා ප්‍රධාන දොර විවෘත කර තබන්නැයි මව්පියන්ට බල කරන්නැයි ද එම තරුණයා පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
30 හැවිරි මෙම තරුණයා උහන පදිංචිකරුවකු වන අතර කලක් විදේශ ගතව රැකියාවක් කළ අයකු බවද පසුගිය අගෝස්තු මාසයේ විවාහ වී ඇතැයි ද පොලිසිය කියයි.
මුහුණු පොතෙන් දැන හඳුනාගත් බදුල්ලේ තරුණියක සමග විවාහ වී ඇත්තේ මව්පියන්ගේ දැඩි විරෝධය මැද්දේ බව ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
දෙමාපියන් අකමැති නම් කිසිවෙකුටත් කිසිවක් කළ නොහැකිය. පොලීසියට ඉල්ලීමක් කළ හැකිය.
තමන් බැඳගත්තෙ ඉන්න හිටින්න තැනක් නැතිව ද. බැන්දට පස්සේත් දෙමාපියන් එක්ක ඉන්න බලන අයට හොඳ පාඩම.
පව්ලේ එකඟතාවය නැතුව වැඩ කළාම රජ පව්ලේ හැරී කුමාරයාටත් එකයි ඔබ පවුලේ ඔබටත් එකම නීතියයි. එඩ්වඩ් රජුට රජ කමත් නැති උනා. පවුලට එපා.