IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාවෙන්  මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවති.

මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට පැමිණිමට අද(01) දා පෙරවරුව වන විට තවත් අඩි 10 ක් පමණ ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසුහ.

මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 93800 ක් හා විශාලත්වය අක්කර 1790 ක් පමණ වේ. පවතින අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන් මස්කෙළිය ඔයේ හා සීතගඟුග ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.



අදහස් (0)

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site