IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘මව්වරුන්ගේ පාගමන’ අවසන් කරයි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුකරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ‘අම්මාවරුන්ගේ පාගමන’ නමින් කාන්තාවන් දෙදෙනෙක් ඊයේ ආරම්භ කළ පාගමන අද (13) පස්වරුවේ ගාලුමුවදොරින් අවසන් කළහ.

මොරටුව කුරුස හන්දිය අසලින් එම දෙපළ අද (13) දහවල් නැවත පාගමන ආරම්භ කළ ද පොලිසිය බාධා කිරීමෙන් නොසන්සුකාරී තත්වයක් ඇතිවිය.

එහිදී මොරටුවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.

විරෝධතා පාගමනට මූලිකත්වය ගෙන කටයුතු කළ කාන්තාවන් දෙදෙනාට පාගමනින් යෑමට අවසර නොදෙන බව පැවසූ පොලිසිය වාහනයකින යෑමට අවසර දෙන බව පැවසීමෙන් පසුව එම කාන්තාවෝ දෙදෙනා වාහනයක නැගී පිටත්ව ගියහ.

එම කාන්තාවෝ දෙපළ පස්වරු 2.00 ට පමණ වෑන් රථයකින් ගාලුමුවදොරට ළගා වී ගාලුමුවදොර හෝටලය අසළ හන්දියේදී ජනමාධ්‍යයට ප්‍රකාශයක් දීමෙන් පසුව පාගමන අවසන් කළහ.

එහිදී කොටුව පොලිසිය විරෝධතාකාරියන් දෙපළට බාධා නොකිරීම කැපී පෙනුණි.

 



අදහස් (5)

‘මව්වරුන්ගේ පාගමන’ අවසන් කරයි

කඩ්ඩ-පොලිෂ් Sunday, 13 November 2022 10:26 PM

පොළිසියේ හෙළුව රටටම පෙන්නුවේය...!

:       4       7

BamunuarachchiMonday, 14 November 2022 04:49 PM

මොකක්ද ඒ කතාව...? පොලිසිය ක්‍රීයා කරන්නේ ලැබෙන නියෝග අනුව... සමහර විට පොලිසියෙන් නොවෙයි, වටපිටාවේ මිනිස්සු ගැහැව්වත් අහක බලාගෙන ඉඳියි. නියෝග තිබෙන්නේ පාගමන වත්වන්න. ඉතින් පොලිසිය කොක්කෙන් හරි, කෙක්කෙන් හරි පා ගමන නවත්වනවා...

:       0       0

සමන්ත Monday, 14 November 2022 09:09 AM

පයින් යන්න පොලිසියෙන් අවසර ගන්න වෙයිද මෙහෙම ගියොත් මානව හිමිකම් නැත්තට නැති වෙයි.

:       4       8

කිරිපුතා Monday, 14 November 2022 09:54 AM

ටිකක් හොයලා බලන්න ඔය අම්මන්ඩිලා දෙන්නාගේ දරුවන් කවුද කියලා ? බොහෝ විට NGO

:       6       2

Bamunuarachchi Monday, 14 November 2022 04:44 PM

ඒ ගොල්ලෝ අන්තිම ගමනත් ගියාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site