
(රොමේෂ් මධූෂංක)
අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාරලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා යාපනය මාවිට්ටපුරම්හි පිහිටි ඒ මහතාගේ නිවසේදී තැන්පත් කර ඇත.
ඒ මහතා අවසන් මරණ පරික්ෂණ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙතට අද (30) උදෑසන භාර දීමෙන් පසුව මෙලෙස නිවස වෙතට රැගෙන යාම සිදු කෙරිණි.
මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය නිවසට රැගෙන ඒමෙන් අනතුරුව දෙමළ ජතික සන්ධානයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් විසින් එම පක්ෂයේ කොඩිය ද දේහය ආවරණය කර අවසන් ගෞරව දැක්වීම සිදුකරන ලදි.
1942 වසරේ ඔක්තෝම්බර් මස 27 වනදා උපත ලැබූ මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 වියේ පසු වූ අතර නිවසේදී වැටීමෙන් ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හදිසී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) රාත්‍රී 10.00 ට පමණ අභාවප්‍රාප්ත විය.
මේ අතර මාවෙයි සේනාධිරාජා මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳව පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇත්තේ ඒලඹෙන 02 වනදා වන ඉරිදා දිනයේදී සිදුකිරීමට සූදානමින් සිටින බවටය.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාවෙයිගේ අවසන් කටයුතු 2 වැනිදා