IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මවුපිය දැසට වැලි ගැසුවත් පොලිසිය රවටන්න බැරි වේ

(පුෂ්පකුමාර ජයරත්න)

පාසල් යන බව මාපියන්ට පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇඳුම් සඟවා මුහුණු පොතෙන් පමණක් හඳුනාගත්  පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගල නගරයට පැමිණ සිටි 16 හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනකු පොලිස් බාරයට ගෙන මාපියන්ට බාර දුන් බව කුරුණෑගල පොලිසිය කියයි.

කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෛනිකව කුරුණෑගල වැව රවුමේ සිදු කරනු ලබන සෝදිසියකදී මෙම ලාබාල සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ ⁣මුහුණු පොතේ පෙම්වතුන් සමඟ හමුවී තිබේ.

මෙයින් එක් සිසුවියක් ගල්ගමුව ප්‍රදේශයේ වන අතර අනෙක් සිසුවිය කුරුණෑගල ප්‍රදේශයට ආසන්න ගමක පදිංචිකාරියකි.

මොවුන් දෙදෙනාම මුහුණු පොතෙන් හඳුනාගත් 17 හැවිරිදි සහ 19 හැවිරිදි ලාබාල තරුණයන් දෙදෙනකු සමඟ පෙම් සබඳතාවයන් පවත්වාගෙන ගොස් තිබූ අතර පළමුවරට එකිනෙකා සියැසින් දැක හඳුනාගැනීම සඳහා මෙලෙස කුරුණෑගලට පැමිණ ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනාම එදින පාසල් යන බව මාපියන්ට පවසා නිවෙස්වලින් පිටව ගොස් අතරමඟදී පාසල් නිල ඇඳුම් ගලවා වෙනත් ඇඳුමකින් සැරසී තම පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගලට පැමිණ ඇති බව පොලීසිය කියයි.

 



අදහස් (0)

මවුපිය දැසට වැලි ගැසුවත් පොලිසිය රවටන්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site