අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල, ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සංවිධානය කරන ලද සෞඛ්‍ය කඳවුර පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවට පත්විය.
මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පවත්වන ලද මෙම සෞඛ්‍ය කඳවුරේ දී ළමයින් සහ වැඩිහිටියන් 500 කට අධික පිරිසකගේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාව සිදු කරන ලදී. මූලික අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණවලට අමතරව, වැඩිහිටියන්ගේ රුධිරයේ සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලද අතර පසුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍ය උපදෙස්ද ලබා දුන්නේය. මූලික අක්ෂි පරීක්ෂණයට ලක් වූ ළමයින් අතරින් වැඩිදුර අක්ෂි පරීක්ෂණ අවශ්‍ය වූ ළමයින් පනස් දෙනකු සඳහා මවුන්ට් ලෝටස් රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ගෙන් නොමිලේ අක්ෂි උපදේශන ලබා ගැනීමට අවස්ථාව හිමි වුණි. එදින රෝගීන්ට ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ සඳහා විශේෂ වට්ටම් ද ලබා ගත හැකි විය.
මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී. බස්නායක මහතා ප්‍රකාශ කළේ, “පසුගිය වසරේ රෝහල නිල වශයෙන් විවෘත කළ දා සිටම රෝගීන්ට ගුණාත්මක අක්ෂි සහ ශ්‍රවණ ප්‍රතිකාර ලබාදීමට උත්සාහ කළ බවයි. ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවන් සංවිධානය කළ මෙම සෞඛ්‍ය කඳවුර සඳහා සිය ගණනක් කුඩා දරුවන් සහ වැඩිහිටියන් පැමිණීම ගැන අපි සතුටු වන බවත් මෙම සෞඛ්‍ය කඳවුර සාර්ථකව පැවැත්වීමට සහාය දැක් වූ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අංක 102, ගාලු පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත වෛද්‍ය විසඳුම් ලබාදීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මවුන්ට් ලෝටස් රෝහලෙන් ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී සෞඛ්‍ය කඳවුරක්