(සුරංග රාජනායක)
නිවෙසේ බාල්කයක එල්ලෙමින් සිටි මවගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක බිළිඳකු නැඟූ විලාපය නිසා 22 හැවිරිදි මවගේ මරණය ගැන තොරතුරු සොයාගැනීමට හැකි වූ බව ගම්පොල පුපුරැස්ස පොලිසිය කියයි.
පුපුරැස්ස ඩේල්ටා වත්ත උතුරු කොටසෙන් මෙම අවසනාවන්ත සිද්ධිය වාර්තා වේ
කැසට් යන්ත්‍රයෙන් නැගෙන හඬ ද පරයමින් කුඩා දරුවකු බොහෝ වේලාවක සිට හඬනු ඇසුනු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාවක වහලයේ එල්ලී සිටින අයුරුත් දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන විලාප අයුරුත් දැක අවට සිටින පිරිස හට ඒ බව දන්වා ඇත.
අසල්වැසියන් පැමිණ වහාම රෙදි පොට කපා ඇය බිමට ගෙන එම වත්තේ වෙද්‍යවරියට මෙය දැන්වීමෙන් පසු ඇය පැමිණ මෙම කාන්තාව මිය ගොස් ඇති බව දන්වා තිබේ.
ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක් ද හමුවී ඇත.
රත්තරන් ඔයා පරිස්සමට මම යනවා මීට මමා යැයි එහි සඳහන්ව තිබී ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මවගේ සිරුර අසල මාස 18 සිඟිත්තා මහා හඬින් විලාප නඟලා
Pradeep Kumara Thursday, 08 June 2023 02:22 PM
අනෙ අප්පේ.. මොනවද මේ රටේ මේ වෙන්නේ??
fairoos Thursday, 08 June 2023 02:45 PM
ඉතාම කණගාටුයි.. පවු අහිංසක ළමයා...
pakeer Thursday, 08 June 2023 03:30 PM
මේ වගේ මානසික ආතතියන් නිසා තරුණ අය සිය දිවි හානි කරගන්න එක නවත්වන්න මොකක්හරි ක්‍රමවේදයක් රාජ්‍ය මට්ටමින් තියෙනවා නම් ලොකු දෙයක්.. හරි පව්... මේ මිනිස්සු..!
විජේ Saturday, 10 June 2023 09:15 PM
එකගයි. ඒත් ඊට කලින් පාලනය කරන මන්දමානසික හරක් එලවලා ඉන්න වෙයි පකීර්. ඇත්තටම මානසික ආතතිය නිසා මැරෙන අයට වඩා රට පාලනය කරනවුන් ලෙඩ්ඩු කියලා හැමෝම අවබෝධකරගත යුතුයි.
Gaston Thursday, 08 June 2023 08:12 PM
ඔයා පරිස්සමට? පුදුම කෙනෙක්. අපායට තමයි සුදුසු...
anton austria Friday, 09 June 2023 01:37 AM
දන්න කෙනෙක් කියනවාද මේ ළමයාගේ විස්තරයක් හා දුරකථන අංකයක්... තව තාත්තා නැද්ද කියලා ළමයාගේ ..?
සමන් ගමගේ Friday, 09 June 2023 11:00 AM
හනේ හනේ මෙහෙමත් දේවල්...!
Ifthikar mulafer Friday, 09 June 2023 11:51 AM
ගොඩක් දුකයි... ගොඩක් අවාසනාවන්තයි... දරුවාට දෙවි පිහිටයි...
චන්ද්‍රිකා Friday, 09 June 2023 01:01 PM
දෙයියනේ මෙහෙමත් අම්මලා චූටි පැටියා කොහොමද පරෙස්සම් වෙන්නෙ අම්ම නැතුව තාත්ත කෝ බබාගෙ ඉන්නවද අපේ නංගි කෙනෙකුට බබාල නෑ අනේ පුලුවන් නම් අපිට දෙන්න මාත් සලකනව ඔය දරුවට උපරිමයෙන් අපි හොදට හදල උගන්නල හොද පුරවැසියෙක් කරන්නම්
SachiniSaturday, 10 June 2023 12:49 AM
ප්‍රවෘත්තිවලට නම් කිව්වේ තාත්තා ඉන්නවා කියලා....
Samatilake Samatilake Friday, 09 June 2023 08:55 PM
සැලකිලිමත් වන්න අනාගත පරපුර...
Peduru Saturday, 10 June 2023 09:29 PM
මහ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට කිරි සප්පයෝ පලිද? ඇයි අම්මේ ඔබ දරුවාත් අරන් නොගියේ..?
ආර්.ලියනගේ Monday, 12 June 2023 05:55 AM
මේ වගේ ප්‍රශ්නවලට අදහස් මතුපිටින් බලලා උත්තර දෙන්න බැහැ.. බොහෝමයක් අයගේ පිළිතුරු. ප්රශ්නය තමන්ගේ නොවනකම් උත්තර බොහොම දාර්ශනිකයි.. යන කියමන වගේ.. මේ ප්‍රශ්නයට බලපෑ කාන්තාව මොනවගේ මානසික පීඩාවට ලක්වෙලා ඇද්ද තමන්ගේ කිරිපැටියා දාලා යන්න තරම්... රජය විසින්වත් මෙවැනි අය හොයාගැනීමට යම් ක්‍රමවේදයක් සැකසිය යුතුයි.
Shani Monday, 12 June 2023 10:11 PM
දරුවෙකුට අම්මා ගාව තරම් පරිස්සමක් වෙන කොහෙද මේ අම්මට ඒක නොතේරුන එක ගැන දුකයි.ආතති පිට ආතති තිබුනත් අම්මෙකුට බැහැ දරුවෙක් තනිකරලා මැරෙන්න .දරුවො ගැන හිතලා මැරි මැරී ජීවත්වෙන අම්මලාගෙ දරුවො කොයිතරම් වාසනාවන්තද.පොඩි පැටියා ගැන දුකයි.ලොකේ කිසිම අම්මා කෙනෙකුට දරුවො තනිකරලා සියදිවි නසා ගන්න සිතුවිල්ලක්වත් එන්න එපා.
Sampath Wednesday, 21 June 2023 09:18 PM
මේ වගේ බත් කන හරක් තව්ටැහැ නැතිව ඇති .දරුවන් ආරක්ෂිත කරලා ප්‍රශ්නවලින් පැනලා යනවා