
(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
කුඩා දරුවා ජලයේ ගසා ගෙන ගොස් අතුරුදහන් වී ඇති බවත්, මව බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලීසිය කියයි.
මෙම මව දරුවකු ද සමග ඉහල කොත්මලා ජලාශයට පනින අයුරු තරුණයකු දැක ඇති බවත්, ඔහු ක්ෂණිකව ජලාශයට පැන ජලයේ ගසා ගෙන යමින් සිටි මව බේරා ගෙන ඇති බවත්, දරුවා බේරා ගැනීමට එම තරුණයාට නොහැකි වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා
Pradeep Kumara Thursday, 16 January 2025 08:59 PM
තමන්ගේ තියන ප්‍රශ්ණ වලට මල් කැකුළු වගේ ඉන්න දරුවන්ව සම්බන්ධ කර ගන්න එපා. එයාලට ජීවත් වීමේ අයිතිය තියන්න.
සංජීව Friday, 17 January 2025 07:39 AM
ඒ තරුණයාට ඉස්සෙල්ලා බේරගන්න උත්සාහ කරන්න තිබුනේ අර අහිංසක දරුවාව. මොන ප්‍රශ්න තිබ්බත් දරුවාගෙ ජීවිතය අයිති ඒ දරුවාට. තමන්ට ජීවිතය එපානම් අර දරුවා ගොඩ්න් තියල යන්න තිබුනෙ නැත්ද? දැන් ඉතින් මිනීමැරීමට හිරේ තපින්නයි අර කාන්තාවට වෙන්නෙ.