IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මාලි යන්න තවත් හමුදා සාමාජිකයන් 243 ක් සුදානමින්

(ඉන්දිකා රාමනායක)
 
මාලි රාජ්‍යයේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදා සාමාජිකයින් 243 දෙනෙකු   සමන්විත යුද හමුදා නව සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company)  මෙම මස 12, 13 යන දිනයන් හි බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

 
මාලි රාජ්‍යයේ දැනට  සාමසාධක රාජකාරීවල නිරතව සිටින යුද හමුදා සාමාජිකයින් 196 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය එළඹෙන (14) වැනිදා මව්බිම බලා නැවත පැමිණීමට නියමිතව ඇති බව හමුදාව පවසයි.
 
යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 අයත් වන අතර  මෙම  කණ්ඩායම අද   (06) කුරුණෑගල  බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමූහ.
 
එහිදී යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ආචාර පෙළපාලිය පරීක්ෂා කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. 

 



අදහස් (0)

මාලි යන්න තවත් හමුදා සාමාජිකයන් 243 ක් සුදානමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 279 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 806 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1220 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site