IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැලේසියා ඝාතනයේ ලාංකික තිදෙනා රිමාන්ඩ්

(විමුක්ති එස් රුද්‍රිගු)

මැලේසියාවේ සෙන්තුල් හි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළ ඔක්තෝබර් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි එරට මාධ්‍ය කියයි.

මෙම යුවළ සිරුරු සොයාගත් නිවසේ අයිතිකරුවන් නොවන බවත් ඔවුන්ද එම නිවස කුලියට ගෙන සිට ඇති බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පවසා තිබේ.

සිරුරු සොයාගත් අවස්ථාවේදී විමර්ශන කටයුතු සාර්ථකව සිදු කිරීමට මෙම යුවළ දවස් 7 ක් සඳහා රක්ෂිත බන්ධනාගාර කළ අතර ඒ අනුව අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දවස් 7 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

මෙම ඝාතනයන්ට සම්බන්ධ යැයි සැක කෙරෙන තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සොයා විමර්ශන ආරම්භ කළ ක්වාලාලාම්පුර් පොලිසිය එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හුලූ ලන්ගට් ප්‍රදේශයේ වනාන්තරයක සැඟව සිටියදී සොයා ගෙන ඇත.

මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවන්නන් විය.

 



අදහස් (2)

මැලේසියා ඝාතනයේ ලාංකික තිදෙනා රිමාන්ඩ්

male api Sunday, 01 October 2023 11:04 AM

අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලැබෙනවා. ඉතා කෙටි කාලයකින් තීන්දුව ලැබෙනවා.

:       0       1

ඩි.එස්. ආරච්චිගේ Sunday, 01 October 2023 03:01 PM

රටේ තිබෙන සමාජ-ආර්ථික ගැටලු හමුවේ රටේ බොහෝ දෙනෙක් විවිධ රටවලට යනවා, මේ අතර මැලේසියාව පහසුවෙන් යන්න පුලුවන් රටක්. අපේ ලංකාවේ බොහෝ දෙනෙක් මේ ඇවිත් ජීවත් වෙනවා. රටේ නූගත් කිහිප දෙ‍නෙකු කරන වැඩ නිසා අනිත් අයටත් ගැටලුවක්! මේ මිනිස්සු කරපු වැඩේ නිසා මේ වනවිට ලංකාවේ අය ගැන සැකයක් මැලේසියානු බලධාරීන්ට ඇති වෙලා තියෙනවා! ලංකාවේ අය මේහේ ඇවිල්ලා බොහෝ නිති විරෝධි සහ රටේ සංස්කෘතියට නුසුදුසු දේවල් කරනවා.. මේ අතර මත්පැන් ප‍ාටි, ගංජා පාවිච්චිය, රංඩු සරුවල්, වගේ දේවල් නිසා ලංකාවේ අය නිතරම වගේ පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා, මේ සිද්ධි බොහෝ විට ලංකාවේ මාධ්‍යයට වාර්තා වන්නේ නැ! ඉල්ලා සිටින්නේ, කරුණාකර මේ රටට ඇවිත් මනුෂ්‍යයෝ වගේ ජීවත් වෙන්න උත්සාහ ගන්න කියලයි! ලංකාවේ නම කෙලෙසුනොත් දැනට ඉන්න අයට සහ එන්න සිටින අය‍ට විවිධ ගැටලු ඇතිවෙන්න පුලුවන්! ලංකාදීපය ඇතුලු සියලුම දෙනාට ස්තුතියි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site