IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මැලේසියා අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම්ට

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර් ඊබ්‍රහීම් සවස දිවුරුම් දුන්නේය. 75 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ 10 වැනි අග්‍රාමාත්‍යවරයා ද වෙයි.

පසුගියදා පැවැති මැලේසියානු මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ අන්වාර් ඊබ්‍රහීම් නියෝජනය කළ 'පක්ටාන් හරප්පාන්' සන්ධානයයි. 'පක්ටාන් හරප්පාන්' සන්ධානය දිනූ ආසන ගණන 82 කි. එසේ වුවත්, එය රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවිණි.

ඒ අනුව, මැලේසියා දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය විය. අද (24) සවස අන්වාර් ඊබ්‍රහීම්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ මැලේසියාවේ සුල්තාන් අබ්දුල් රජුගේ මැදිහත් වීමෙනි. අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම එරට වේලාවෙන් සවස 5 ට සිදුවිය.

90 දශකය අවසානයේ, මහතීර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම් ය. අන්වාර් ඊබ්‍රහීම්ට මහතීර් මොහොමඩ්ගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩ තිබුණි.

කෙසේ නමුත් අන්වාර් ඊබ්‍රහීම් සහ මහතීර් මොහොමඩ් අතරේ මත ගැටුම් නිර්මාණය විය. එය අවසන් වූයේ අන්වාර් ඊබ්‍රහීම් සියලු ධුරවලින් නෙරපා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය‍.

අන්වාර් ඊබ්‍රහීම් අත්අඩංගුවට ගැනීම සහ දූෂණ චෝදනාවලට වරදකරු කර සිරදඩුවම් නියම වීමට සැලැස්වීමත් සමඟ මැලේසියාව පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය විය. මහතීර් මොහොමඩ්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් එල්ල විය. 2003 වසරේ ඔක්තෝබරයේ මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගත්තේය.

2018 වසරේ පැවැති මැලේසියානු මැතිවරණයේදී විපක්ෂ සන්ධානයට මැතිවරණය ජයක් සඳහා පොදු අපේක්ෂකයා වූයේ එවකට 92 හැවිරිදි වියෙහි පසුවුණු මහතීර් මොහොමඩ්ය. එම මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ ආසන 222 න්, 122 ක් දිනා ගැනීමට විපක්ෂ සන්ධානයට හැකිවුණු අතර, මහතීර් මොහොමඩ් යළි අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.

එදා මැතිවරණ රැලිවලදී මහතීර් මොහොමඩ් දිගින් දිගටම පැවැසුවේ තමන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර දෙකක් පමණක් බවත්, අන්වාර් ඊබ්‍රහීම්ට ඉන්පසු අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බවත්ය.

ඒ අනුව, ඒ වනවිටත් සිරදඬුවම් විදිමින් සිටි අන්වාර් ඊබ්‍රහීම්ට සමාව දීමට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් කටයුතු කළේය. අන්වාර් ඊබ්‍රහීම්ට මැලේසියානු රජුගෙන් සමාවක් ද හිමිවිය. මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කර දින කීපයක් ඇතුළත අන්වාර් ඊබ්‍රහීම් හිරෙන් නිදහස් වී යළි දේශපාලනයට පිවිසියේය.

එම අවස්ථාවේදී ද මහතීර් මෙසාහොමඩ් සහ සහ අන්වාර් ඊබ්‍රහීම් අතරේ අර්බුද හටගත් අතර 2020 පෙබරවාරි මාසයේ දී මහතීර් මොහොමඩ් යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

මහතීර් මොහොමඩ් ද පසුගිය දා පැවැති මැලේසියානු මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් 'හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්' පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමඩ් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය. මහතීර් මොහොමඩ්ට ඔහුගේ ලංග්කාවී ආසනය පවා අහිමි විය. අඩ සියවසකට පසු මහතීර් මොහොමඩ් ලැබූ එකම මැතිවරණ පරාජය මෙය යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

(රොයිටර්)



අදහස් (1)

මැලේසියා අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම්ට

uk ran Thursday, 24 November 2022 06:09 PM

මැලේසියාවල ජනාධිපතිරු නෑ. ඉන්නේ අගමැති. මෙයා තමයි අගමැති. එයත් අපේ රනිල් මහත්තයා වගේ වසර 20 ක් බලන් ඉදියා. පේනව නේද ඉවසීමේ ගුණේ.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site