IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මැලේසියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

යෝජිත ශ්‍රී ලංකා මැලේසියා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා ඉදිරි සාකච්ඡා ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය නැවත ලබා ගැනීම සඳහා අපනයනය ඉලක්ක කරගත් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අපනයන විවිධාංගිකරණය කිරීමේ සහ භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත්කම හඳුනාගෙන ලැබ ඇතැයි රජය කියයි.

මේ සඳහා ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් හා උපාය මාර්ගික ආර්ථිකයන්ගෙන් හෙබි රටවල් සමග ආර්ථික ඒකාබද්ධතාවය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බවද රජය කියයි.

ආසියාන් සංවිධානයේ හා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයෙහි ප්‍රධාන සාමාජිකයකු වන මැලේසියාව ශ්‍රී ලංකාවේ 34 වන අපනයන ගමනාන්තය වන අතර 2013 වර්ෂයේදී එරට සිදු කරනු ලැබ ඇති සමස්ත අපනයනයන්හි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 58.3කි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඒ සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (1)

මැලේසියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක්

MO77 Wednesday, 12 June 2024 03:32 PM

ශ්‍රී ලංකාවේ ප්‍රධානම වෙළඳ හවුල්කාරයන් දෙන්නා වන්නේ ඉන්දියාව හා චීනය. එයින් ශ්‍රී ලංකවට වඩා වෙළෙඳ ශේෂය ෙන්ම ඒ රටවල් වලට හුගක්ම වාසිදායකයි. ඒ නිසා ඉන්දියාවත් තියෙන එක තියෙන වෙළඳ ගිවිසුම වහාම ප්‍රතිශෝධනයක් කළ යුතුයි. චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කළ යුතුයි. අනිත් රටවල් වලින් නිදහස් වෙළඳ ගිවිසුම් මගින් වැඩි වාසියක් අපිට අත් කරගන්න අමාරුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site