IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් කෘෂි ඇමතිට උපදෙසක්

(අංජුල මහික වීරරත්න)

රටේ ජනතාව‌ගේ කුසගිනි නිවීමට දහඩිය හෙලන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට  රටට සුදුසු නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්නැයි මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියහ.

එළැඹෙන මහ කන්නයේ දී වගා කටයුතු ආරම්භ කිරීමට පෙර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නාහිමියන්ගේ අනුශාසනා හා උපදෙස් ලබා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා  මහනුවර දී  උන්වහන්සේලා හමුවූ අවස්ථාවේදී මේ බව කීහ.

මේ වනවිට මෙරට කෘෂිකර්ම කටයුතු සඳහා තරුණයින්ගේ සහභාගීත්වය අඩුවීම සම්බන්ධව අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අමාත්‍යවරයාට පැවසූහ.

එමෙන්ම ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා  සාධාරණ මිලක් ලබා දෙන ලෙසත් ‌ ගොවි ජනතාවට ගොවිතැන එපා වුවහොත් මුළු රටේම ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවනු ඇති බවත් මල්වතු මහා නාහිමියෝ පැවසූහ.

 



අදහස් (2)

මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් කෘෂි ඇමතිට උපදෙසක්

Kuttiarachchi Sunday, 24 September 2023 11:12 AM

කරන්න කියන්නේ එකම දේ...

:       1       9

Kazi Shajahan Sunday, 24 September 2023 12:09 PM

මොවුන්ට කියලා වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ...!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 276 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site