
(නිමන්ති රණසිංහ)
මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගෙ මුදල් පසුම්බිය සොරාගත්තැයි කියමින් එහි දරුවන් නව දෙදෙනෙකුට පහර දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පාසලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16) නියෝග කළේය .
මෙලෙස ඇප මත මුදා හැරුණේ මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ගම්මන්පිල ඉමියාගේ දොන් වීනීතා රාජි, මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂ පතිර ගමගේ සමරසිරි රාජපක්ෂ සහ එම පොලිසියේ පොලිස් සැරයන් තන්ත්‍රී ආරච්චිගේ දොන් ජයන්ත යන අයවලුන්ය .
සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි ලබන ජනවාරි මස 18 වැනිදා තෙක් කල් තැබිණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු තිදෙනාට ඇප
නිහාල් Wednesday, 16 November 2022 12:59 PM
තිරිසන්නු
සුරංග Wednesday, 16 November 2022 02:32 PM
ස්ටාලින් ගුරුවරුන්ගේ හැටි ඔහොම වෙන්න පුළුවන්...!
sharm warn Wednesday, 16 November 2022 03:26 PM
ඇත්තටම මෙ අය මිනිස් බවක් ලබාගෙන තියෙන්නෙ කොහොමද?
චන්දන Wednesday, 16 November 2022 04:31 PM
මම දකින්නේ මේ ගැටළුවේ ගම පැත්තෙන් වෙනත් දෙයක් තිබෙනවා . ඒ ගැනත් අවධානයෙන් හිටියොත් හොඳයි . තවත් දුරදිග යන්න පුළුවන් .