IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මූල්‍ය අරමුදල විදුලි බිල සංශෝධනය ඇතුළු තොරතුරු ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූ අතර දෙපාර්ශ්වය ධනාත්මකව අදහස් හුවමාරු කර ගත් බව ජනාධිපති කාර්යාලය කියයි.

විදුලිබිල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කරන ලද ඉල්ලීමට අනුව එම තොරතුරු ලබන සඳුදා වන විට ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරුන් සහ නීති උපදේශකවරුන් ද අද සාකච්ඡාවට එක්ව සිටි අතර තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා (31) පැවැත්වීමට තීරණය විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රිවර් (Peter Breuer) නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ භාණ්ඩාගාර ලේකම් ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ



අදහස් (1)

මූල්‍ය අරමුදල විදුලි බිල සංශෝධනය ඇතුළු තොරතුරු ඉල්ලයි

ravin Friday, 26 August 2022 09:22 PM

එහෙනම් ඔයගොල්ලන්ටත් ඉව වැටිලා අපේ අය ගසාකන තැන ගැන. කොහොම කොහොම හරි නතර වුණොත් ඇති..

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site