(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය 17 වැනිදායින් අවසන් වූ දින 28 කාලය තුළදී ගෝලීයව පුද්ගලයන් 850,000 ක් කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් කොවිඩ් රෝගය හේතුවෙන් පුද්ගලයන් 3000 කට ජීවිතය අහිමි වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
පසුගිය දින 28 ට සාපේක්ෂව නොවැම්බර් 20 වැනිදා සිට මෙම මස 17 වැනිදා දක්වා කාලය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම සියයට 52 ක ඉහළ ගොස් ඇතැයි මින් පෙනීයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.
කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට පසුගිය 17 වැනිදා දක්වා මිලියන 772 කට කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් කොවිඩ් රෝගය හේතුවෙන් අහිමි වී ඇති ජිවිත ගණන මිලියන 7 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.යුක්රේනයේ පමණක් මේ වන විට කොවිඩ් උප ප්‍රභේද 13 ක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.
පසුගිය නොවැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා කාලය තුළ කොවිඩ් රෝගය වැළඳී 118,000 ක් ගෝලීයව රෝහල් ගත කර ඇති බවත් ඉන් 1600 ක් දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.ජේ.එන් 1 උප ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිර යාම හේතුවෙන් අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක් ලෙස ජේ.එන් 1 උප ප්‍රභේදය වර්ගීකරණය කර ඇත.
ශීත සෘතුවත් සමඟ ජේ.එන් 1 රටවල් රැසකට දැඩි හිසරදයක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. ජේ.එන් 1 ඇතුලුව සියලුම ප්‍රභේද සහ උප ප්‍රභේද වලින් ආරක්ෂා කිරීමට කොවිඩ් මර්දන එන්නතට තවමත් හැකියාව තිබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
ඉන්දියාවේ ජේ.එන් 1 ව්‍යාප්තියත් සමඟ මේ වනවිට නව කොවිඩ් රෝගීන් ගණන 4000ට ළඟා වෙමින් පවතින බවත් කොවිඩ් රෝගයෙන් ඇතිවූ සංකූලතා මත මරණ 6 ක් වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිලියන 7 ක් කොවිඩ් වලින් මැරිලා