IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මාලිමා ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් ජන රැළියක්

(දිනේෂ් සමරකෝන්)

‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ලබන 21 වැනිදා නුගේගොඩදී ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එරෙහි ජන රැළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම රැළියට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂ වල නියෝජිතයන් සහභාගී වීමට නියමිතව ඇත.

එම පක්ෂ වල හිටපු මැති ඇමතිවරුන් ඒ සඳහා සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද(27) කොළඹ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

ඡායා ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (14)

මාලිමා ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් ජන රැළියක්

සඳමාලි Monday, 27 October 2025 03:23 PM

තනි පක්‍ෂ පාලනයකට අර අඳින මාලිමාවට එරෙහිව වාද භේද දුරලා විපක්‍ෂය පෙළගැසිය යුතුමයි. අඩුම තරමේ ප්‍රජාතන්ත්‍රවාදය බේරාගැනීමටවත්... මක්නිසාද යත්, ප්‍රජාතන්ත්‍රවාදය නැති වූ දාටයි එහි අගය වැටහෙන්නේ...

:       107       10

විපරමා Monday, 27 October 2025 05:24 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,ර්‍රිරී මාංශ හූරගෙන කාපු දූෂිත පවුල් පාල්නේ උන්ව පන්නා දමා ,මාළිමා ආණ්ඩුව බලයට පත් කෙරුවේ මේ රටේ මහජනතාවයි. අර අන්දින්නේ අහවල් කෙන්ගෙඩියකටද?

:       0       0

Mohan Monday, 27 October 2025 03:24 PM

ගෙම්බන්පිළ, ගොන් වැඩ නොකර ඉන්න.

:       7       88

අනේසිරි! Monday, 27 October 2025 03:39 PM

ජන රැල්ලක්! වංචනික ආන්ඩුව!! මුග්ධ පාලනය!!! අනේ ගොබ්බන් පිලෝ යන යන තැන හත්පොලේම ගා ගන්වා, තියලා බලහංකෝ ඔය ජනරැල්ලත්.

:       3       91

Naleen Monday, 27 October 2025 03:56 PM

මේ මිනිස්සු තවම හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මොකවත් මතක නැති මෝඩයෝ කියලා...

:       4       87

pakeer Monday, 27 October 2025 04:38 PM

ලංකාවේ ඉන්නේ මාර අම්බරුවෝ ටිකක්. පුදුම පජාත හැත්තක්.

:       0       0

Neel Monday, 27 October 2025 05:28 PM

මේ ආණ්ඩුව පෙරලන්න නමි මීට වැඩිය හොඳ පක්ෂවල නායකයෝ ඉන්න ඕනේ, එහෙම අය ඉන්නවද?.. නිකන් ගොන් ආතල් දෙන වැඩ මේවා.

:       0       0

Asanga Monday, 27 October 2025 05:49 PM

අලිබාබා සහ හොරු හතලිහ එකතුවෙලා

:       0       0

කපුරුහාමි Monday, 27 October 2025 05:50 PM

සියලු වරප්‍රසාද වරදාන බුක්ති වින්දගෙන, සැපසේ සුවසේ ජීවත් උනු ,හොරකම් වන්චා දූෂනවලින් බඩවඩා ගත්තු උන් ඒවා නැති වෙනකොට කරකියා ගන්ඩ දෙයක් නැතුව එකට එකතු වෙනවා.ඒ වගේම පාතාලේ උන් එක්ක සම්බන්දකම් පවත්වපු උන් ලවා වැඩ කරවගත්තු දූෂිත දේසපාලුවොත් දැන් බිරන්තට්ටු වෙලා ඉන්නේ? එකට එකතු වෙලා ගොඩයන්ඩ විදියක් බලනවා ඇති. විපක්ෂයේ සුන්බුන් හිතාගෙන ඉන්නේ ජනතාව තණකොළ කන හරක්,එහෙම නැත්නම් ඇස් කන් නැති මැරිලා ඉපදුනු අය කියලා? මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය යහපාලනේ දර්මිෂ්ඨ සමාජයක් ආසියවේ ආස්චර්‍ය සෞභාග්‍යයේ දැක්ම කියලා පහුගිය කාලය පුරාවටම බලය ගන්ඩ ජනතාව රවට්ටපු තරමක්,අන්දපු ඇන්දිල්ල ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .රෙදි නැතුව තමා රැස්වීම් තියන්ඩ වෙන්නේ?

:       0       0

Srinath Monday, 27 October 2025 07:38 PM

රට බංකොලොත් කරපු කිසිම පක්ෂයක් සමඟ මතක තියෙන තුරු එකතුවෙන්නේ නෑ ; පැරදුනත් ආයෙමත් එන්න හදනවා. පැනි කාපු එකාම තමයි ඒකේ රසය දන්නෙ.

:       0       0

Hector Perera Monday, 27 October 2025 11:20 PM

නලීන්, ඔයා හරිම නිවැරදිව කිව්වා. එයාලා මෝඩයෝ නැත්නම්, මේ ආණ්ඩුව මැතිවරණ කාලෙට පතුරුවපු බොරු ඔයාට කොහොමද අමතක වුණේ. ඔයා තාමත් ඒවා විශ්වාස කරනවද? එහෙනම් ඔයාත් මෝඩයෙක්.

:       0       1

චතුරි Tuesday, 28 October 2025 12:35 AM

ඔය කියන ඇමතිවරුන්ගෙ නම් ටික ඉල්ලුවා. රටට ආදරේ කරන පාතාලේ අය්යලා. ක්ලින් කියන්න. කිව්වා. එක රැයින් සේරම ඉවරයි. ප්‍රබහකරන් මැරුවට වැඩිය ලොකු සැනසීමක්. ජනතාවට ලැබෙනවා. දැන් මුන්ට ගෙදර ඉන්නත් නැහැ කියලා මරන තර්ජන ආවානේ. බහින්න පාරට. මේවට පොලිස් ආරක්ශාව. නොලැබෙනු ඇත කනත්තක් ලග ටිකක් නතර වෙලා කෑගහන්න

:       1       0

Duminda Jayanath Udayakumara Tuesday, 28 October 2025 05:26 AM

ඔයා හොරා ජඩ ගව රැලට ඇවිත් නැගිටින්න මේ කපේ බෑ

:       1       0

TRUTH Tuesday, 28 October 2025 01:26 PM

කොහෙන් හිනා වෙන්නද කියල හිත ගන්න බෑ. හොරු සමග හෙළුවෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site