IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මාලිමාව - කුකුලා කරකාර බඳියි

(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සදහා  ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ජාතික ජනබලවේගය පක්ෂයට ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙක් පැවසීය.

දෙපාර්ෂවය අතර සාකච්ඡා වට කිහිපයක් පැවති බවත්, එම සාකච්ඡාව අනුව නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා බලය පිහිටු වීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත් වූ සභිකයන්ගේ සහයෝගය ලබා දෙන බව ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බ්න්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් කිරිමට පියවර නොගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධූරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් උප සභාපති ධූරය ජාතික ජන බලවේගයට ලබා දීමට එකගතාවය පළ කර ඇති බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා 04කට පත් කරන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නවක අය පත් කිරිම කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බවද එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (6)

මාලිමාව - කුකුලා කරකාර බඳියි

මාලිමාගැත්තා Tuesday, 17 June 2025 11:25 AM

කොටි ඩයස්පෝරාව එක්ක දීග ගිහින් බල්ලන විදිහට නැමිලා ඉන්න වෙනව වගේ තමයි වෙන වෙන අය එක්ක කන දීගත්. තමන්ගේ බලයට හොඳයි. කාලා නාලා යයි. අන්තිමට ප්‍රශ්න ඉතිරි වෙන්නෙ රටට. ලොන්ඩරි කම්කරුවන් කලබලවිය යුතු නැ. නිමට කිව්වෙ.

:       32       20

So sad Tuesday, 17 June 2025 12:07 PM

තොණ්ඩමන්ව කහ වතුරෙන්, කිරි කලෙන් නාවලා ගත්තා. දැන් එයත් NPP වගේම අති පිරිසිදු කෙනෙක් උනා. දැන් තොණ්ඩා හොඳායි. දැන් ඉතින් ඩොබීලා ටික හෝදපල්ලකෝ, thinadage ඒවත් අද ඉදන්

:       0       1

රුවන් Tuesday, 17 June 2025 05:20 PM

මළිමා ගැත්තා එදා මහින්ද රාජපක්ෂ කම්කරු කොංග්‍රසය එක්ක බුදියන කොට ඔයා කෝමා තත්ත්වයේ ද හිටියේ?

:       6       2

Kule Tuesday, 17 June 2025 06:18 PM

මොන ලැජ්ජ නැති වැඩක් ද මේ? නායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝලයෝ මාලිමාවේ මන්ත්‍රීලා වෙලා. දෙගොල්ලන්ම බලයට මොකා එක්ක හරි ඉන්නවා.

:       1       3

Nishan Wednesday, 18 June 2025 04:36 AM

තොන්ඩමන් පරම්පරාව වතුකරේ දෙමළ ජනතාව පාගාගෙන වහල්ලු වගේ තියාගෙන ඉන්නවා කියලා පහුගිය මහ මැතිවරණෙදී ජනාධිපතිවරණෙදී එහේ ගිහින් කෑ ගහපු අය නේද මේ අද තොන්ඩමන්ගේ පිහිටෙන් ප්‍රාදේශීය සභා පිහිටුවන්නේ? කෝ මේ හෝදන බලකාය?

:       0       1

prasanna Sunday, 22 June 2025 06:45 PM

ඕක මොකක්ද? කසාද බඳින වෙලාවෙත් බඳින කෙනා කවුද කියලා හොයපු නැති එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 345 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site