IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘මාලිමාව’ට සහය දැක්වූ ගාල්ල මන්ත්‍රීට‘ පොහොට්ටුව’ තහනම්

(යොහාන් භාසුර)

ගාල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා එම සභාවේ නගරාධිපතිවයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්කිරීම සඳහා අද (20) පැවැති ඡන්ද විමසීමේදී එම පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාතාමක වන පරිදි අත්හිටුවූ බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

එම මන්ත්‍රීවරයා ඡන්ද විමසීමේදී පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් නියෝජ්‍ය නගරාධිපති තරගයට ද ඉදිරිපත්ව ඇති බවත් ඔහු පක්‍ෂයේ සියලුම තනතුරුවලින් ඉවත්කකළ බවත් ලේකම්වරයා කීය.

අදාල චෝදනාව සම්බන්ධයෙන් නිසි චෝදනා පත්‍රයක් ඉදිරියේදී යොමුකරන බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (7)

‘මාලිමාව’ට සහය දැක්වූ ගාල්ල මන්ත්‍රීට‘ පොහොට්ටුව’ තහනම්

ඉන්දික Friday, 20 June 2025 03:26 PM

මන්ත්‍රීකම විකුණලා කෝටි ගණනක් ගන්නවා. ආයේ මන්ත්‍රීකම නැතිවුණාට කමක් නැහැ. මාළුමාවත් ඕනෑම ජරාගොඩක ළඟින් ඌරෙක් කියලා ඔප්පුකරන් යනවා. ජනතාව බලාපොරොත්තු වුනේ මේ වෙනස නොවෙයි...

:       32       19

විපරමා Saturday, 21 June 2025 12:08 AM

එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට මුදලට පැනපු උන් ගැන මොලේ උඩ ඉන්න වහල්ලු නම් නොදන්නවා ඇති. අපි නම් දන්නේ හුඟාක් කල් ඉඳලා? ඒ කාලේ බලලෝබී, බඩගෝස්තරවාදි, දූෂිත දේශපාලුවෝ සෙට් එකක්ම එකතු වුණා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න කියලා? ඊට පස්සේ සිද්ද වෙච්චි දේ ගැන දන්නෝ හොඳාකාරවම දන්නවා..

:       0       0

ලාල් ගලබොඩ Saturday, 21 June 2025 09:51 AM

කෝටි ගණන් ගත්තා නම් අල්ලස් කොමිසමට දැනුම් දෙන්න පුළුවන් නේද? දැන් ඉස්සර වගේ නොවෙයි නේද? අල්ලනවානේ, ඇයි එහෙම පියවරකට නොයන්නේ, පක්ෂය අදාල නැහැනේ...

:       0       0

ගමේ එකාලා Friday, 20 June 2025 03:37 PM

මොලේ ඇති මනුස්සයෙක්... හොර දූෂිතයෝ එක්ක ඉඳලා ගමනක් නෑ කියලා හිතෙන්න ඇති.

:       14       45

prasanna Friday, 20 June 2025 06:28 PM

මොලේ ඇති මනුස්සයෙක්, පඩිය වගේ දහස් ගුණයක් පැළවත්ත බැංකුවෙන් ලැබුණා ඇති... වෙනසකට දකින්නේ සාටකේ කරේ නැති එක විතරයි.. අනික් සියලු සුදුසුකම් සම්පූර්ණ කර ඇත...

:       0       0

ජයසුන්දර Saturday, 21 June 2025 01:20 PM

ඉතිං ඒ ප්‍රියන්ත ගොඩගම මහත්තයා සහයෝගය දීලා තියෙන්නේ රට යොදාගැනීමේ ව්‍යාපරයටනේ. රට ගොඩ යනවාට කැමැති නැද්ද පොහොට්ටුව.... අනික දැන් පොහොට්ටුවට මේ කපේ ගොඩ ඒමක් නෑ කියලා ප්‍රියන්ත වගේ මොලේ තියෙන මිනිස්සුන්ට වැටහෙනවා. දැන් පොහොට්ටුව බැසයන සඳක් වගේ..

:       1       3

Rasika Saturday, 21 June 2025 02:18 PM

හොරු එක්ක ඉඳලා ගමනක් නැත්නම් ඇයි ඒ පැත්තෙන් ඡන්දේ ඉල්ලුවේ? වාසියට මාලිමාවට පැනපු බව මාලිමා ඩෝබිලාට හැර සියලුම අයට පේනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 546 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site