
( රොමේෂ් මධුෂංක)
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ තෙවන අදියරේ කැනීම් සිදුකරමින් මිනිස් සිරුරු කොටස් 12 ක් හමුවීමෙන් අනතුරුව එම අදියරේ කැනීම් නවතා දැමූ බවට මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව මහතා පවසා සිටියේය.
මේ අනුව පළමු, දෙවන සහ තෙවන අදියරයන්හි සිදුකරන ලද කැනීම් මගින් කොක්කුතුඩුවායි සමූහ මිණීවලෙන් මිනිස් සිරුරු 52 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ නියෝගයන් පරිදි මුලතිව් රේහලේ සුරක්ෂිතව තැන්පත් කොට ඇති බවටද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේය.
පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් පොලීසියේද සහය ඇතිව කැනීම් කටයුතු සිදුකරන ලදි.
2023 වසරේ කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජලනල ඒලමින් සිටි සේවකයින් පිරිසකට පොළව යටතිබී යුදසමයේදී ආරක්ෂක අංශ විසින් පළඳින ලද නිලඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හා ඇටසැකිලි කොටස් කිහිපයක් මතුවීම හේතුවෙන් මෙම ස්ථානයේ වැඩිදුර කැනීම සිදුකරන ලදි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් සමූහ මිනි වලේ තෙවැනි අදියරේ කැනීම් අවසන්