IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැලගසි රෝස වෙනුවෙන් රේගුවට කෝටි 8ක් නැතිවෙලා

(සුජිත් හේවාජුලිගේ  සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු මැලගසි රෝස (Rose wood) මෙට්‍රික් ටොන්  420 ක් බරැති  දැව කඳන් 3669 ක් විකිණීමට සැලසුම් කළද  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් කාලයක් තිස්සේ ඒවා ගබඩාවල  තැබීමට සිදුවීම නිසා ගබඩා ගාස්තු ලෙස රුපියල් කෝටි අටකට වැඩි මුදලක්   වැය කිරීමට ශ්‍රී ලංකා රේගුවට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ

පදම් නොකළ මෙම දැව කඳන්වලට  කෘමින්ගෙන් හානි සිදුව ඇතැයිද  එම වාර්තාවේ දැක්වේ.

ටැන්සානියාවේ ෂැන්සිබාර් වරායේ සිට ශ්‍රී ලංකා වරාය හරහා හොංකොං වෙත ප්‍රති අපනයනය කිරීම සඳහා මෙම දැව කඳන් ගෙනවිත් තිබුණේ  අප්‍රිකානු ඝන දැව ලෙස සඳහන් කරමිනැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් මෙම දැව කඳන් තොගය  2014 වර්ෂයේ සිට 2023 අප්‍රේල් 30 වැනිදා දක්වා ඉවත් කර නොගෙන රේගු  අංගනයක ගබඩා කර තිබුණු බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 23 වැනිදා ආනයනය කරන ලද අධිබලැති විකිරණශීලී මුලද්‍රව්‍යයක් සඳහා වරාය සංවර්ධන බදු සහ එකතු කළ අගය මත බදු වශයෙන් රේගුවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක්  ගෙවීමට ඇතත් මේ වර්ෂයේ ජනවාරි 1 වැනිදා වනවිටත්  එම බදු මුදල්   රේගුවට ගෙවා නොතිබූ බවද  එම වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (2)

මැලගසි රෝස වෙනුවෙන් රේගුවට කෝටි 8ක් නැතිවෙලා

sachith Tuesday, 26 September 2023 01:41 PM

සිරි ලංකාවේ රේගුව ,පාලකයොන්ගේ කැරට්ටුවේ හැටියටනම් මැලගසි රෝස කඳන් ඔතන තියෙන්න විදිහක් නැහැ .හොඳට පරීක්ෂා කරොත් ඕවා ඉකන්ම කොට ටිකක් .හරිම මැලගසි රෝස ටික යන්න ඕනි තැන් වලට ගිහින් ඇති

:       0       0

ravin Tuesday, 26 September 2023 03:39 PM

මෙන්න රාජ්‍ය සේවය .අපූරුයි ඇති උත්කෘෂ්ඨයි නේද ?මෙගොල්ලොත් එක්ක රට සංවර්ධනය කරා ඉදිරි ගමනක් යයි නේද ?අනාගත පරපුරට හෙටක් තියේ නේද ?

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site