(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිල්කෝ ආයතනය සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය කොළඹ 3 කොල්ලුපිටිය ගාලු පාරේ ප්‍රධාන කාර්යාලයේ 6 වන මහලේ සිරකරගෙන සිටි සේවකයන් 13 දෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය එහි රැස්ව සිටියදී එම ස්ථානයට කඩා වැදුණු වෘතීය සමිති සාමාජිකයන් පිරිසක් දීමනාවක් සම්බන්ධව කරුණු මූලික කර ගෙන මෙම පිරිසට පිටවී යාමට ඉඩ නොදී එම මහලේ රඳවාගෙන ඇතැයි පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩාගෙන එම ස්ථානයට ගොස් එම පිරිස මුදා ගෙන ඔවුන් රඳවා ගෙන සිටි පිරිස අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිල්කෝ සභාපති සිර කළ සමිති නායකයන් 13ක් අත්අඩංගුවට