IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මිරිහාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙඩි තබාගනී

(ඉන්දිකා රාමනායක)

මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා  සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි  පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ  චතුර  ගිහාන්  කාරියවසම් ( 36) නැමැති කැලණිය වෙරළුගහවත්තේ පදිංචි එක්දරු පියෙකු වන  පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු පොලිස් සේවයට එක්ව ඇත්තේ 2006 වසරේදීය. 

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව  කළුබෝවිල රෝහලට ඇතුළු කළද ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

ඔහු සිය රාජකාරී ස්ථානයේදී පරිසර කොට්ඨාසය තුළ සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (9)

මිරිහාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙඩි තබාගනී

Ranjith Wednesday, 15 January 2020 06:35 AM

අනේ මන්දා ... රන්ජන් මෙයාටත් කතා කරලද දන්නේ නැහැ ....

:       166       62

කපුටාWednesday, 15 January 2020 09:27 AM

මිනිස් ජීවිතය විහිළුවක් කරගන්න එපා. මියගිය අයගේ සමීපතමයින්ට කොපමණ දුකක් ඇත්ද?

:       2       113

RaveendraWednesday, 15 January 2020 02:02 PM

ඔබගේ අදහස් පිළිබඳව අප අවංකවම කණගාටු වන්නෙමු. " මේ කොහෙවත් නැති ජාතකේ වැරදුණු කෙනෙකු" හා මියගිය අයව සම්බන්ධ කිරීම හොඳද නරකදවත් ඔබට නොදැනීම පාපයකි. තවද ඔබගේ ඥාතියකු හා රන්ජා නැමැත්තා සම්බන්ධ කර කෙනෙකු අදහසක් ප්‍රකාශ කරේ නම් ඔබ එය පිළිගන්නේද? කෙසේවෙතත් අප මෙසේ මියගිය නිලධාරියාට නිවන්සුව පතන්නෙමු..!!!

:       0       207

Senarath Wednesday, 15 January 2020 10:55 AM

ඔබ නියම අධම ගති ඇත්තෙකි...

:       9       25

kamaniWednesday, 15 January 2020 12:46 PM

මැරුණු මිනිහට අවමන් කරන නරුම, තක්කඩි ගති ඇති අයෙකි...!!!

:       29       152

Rohana Thursday, 16 January 2020 05:21 AM

මොනම දුකක් හෝ හිත් වේදනාවක් එන කිසිකෙනෙකුට සියදිවි හානිකර ගැනීමේ සිත් පහළ නොවේවා...! බුදු වදනට අනුව උතුම් මිනිස් බව ලැබීමේ පින රැකගෙන සන්සුන් සිතින් ජීවත්වීමට සැමට වාසනාව ලැබේවා...!

:       0       362

eresh S kumara Thursday, 16 January 2020 10:43 AM

මිස් ෆයර් එකක් වෙන්න බැරිද?

:       7       17

leel gunawardena Thursday, 16 January 2020 02:08 PM

රන්ජිත් ආවා ගියාට අදහස් දමන්න එපා. ලබන වරවත් කල්පනා කරන්න. ඔබට ජය !

:       14       14

janahitha Sunday, 19 January 2020 03:32 AM

දකුණත හුරු නිලධාරියගේ වෙඩි වැදී තියෙන්නේ වම් පසින්.ඔබ හරි. අනිවාර්යෙන්ම මිස් ෆයර් එකක්. එහෙමත් නැති නම් වෙනත් කෙනෙක් වෙඩි තබා ඇත. පස් පිළිබඳ පාතාල ප්‍රශ්න අද ඉතා බලවත්. ප්‍රශ්න ඔහුට නැත. නළු නිළියන් අශ්‍රයක්ද නැත. මෙයට හේතුව බිරිඳ දැනගත යුතුය. ඇයගෙන් ප්‍රශ්න කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site